මුල් පිටුව
අප ගැන
si
العربية - عربي
English - إنجليزي
español - إسباني
português - برتغالي
Kiswahili - سواحيلي
Français - فرنسي
Русский - روسي
اردو - أردو
italiano - إيطالي
Türkçe - تركي
አማርኛ - أمهري
ไทย - تايلندي
සිංහල - سنهالي
Wikang Tagalog - فلبيني تجالوج
Tiếng Việt - فيتنامي
नेपाली - نيبالي
Hausa - هوسا
Wollof - ولوف
বাংলা - بنغالي
ئۇيغۇرچە - أيغوري
অসমীয়া - آسامي
فارسی - فارسي
فارسی دری - دري
azərbaycanca - أذري
Ўзбек - أوزبكي
Deutsch - ألماني
Shqip - ألباني
فلبيني مرناو - فلبيني مرناو
български - بلغاري
ဗမာ - بورمي
bosanski - بوسني
polski - بولندي
தமிழ் - تاميلي
татар теле - تتاري
română - روماني
svenska - سويدي
нохчийн мотт - شيشاني
Soomaali - صومالي
тоҷикӣ - طاجيكي
Pulaar - فولاني
कश्मीरी - كشميري
한국어 - كوري
македонски - مقدوني
bahasa Melayu - ملايو
മലയാളം - مليالم
magyar - هنجاري مجري
हिन्दी - هندي
Èdè Yorùbá - يوربا
ελληνικά - يوناني
қазақ тілі - كازاخي
עברית - عبري
中文 - صيني
Bahasa Indonesia - إندونيسي
dansk - دنماركي
پښتو - بشتو
أنكو - أنكو
Luganda - لوغندي
తెలుగు - تلقو
日本語 - ياباني
ትግርኛ - تجريني
Кыргызча - قرغيزي
Kurdî - كردي
Nederlands - هولندي
čeština - تشيكي
українська - أوكراني
eesti - إستوني
suomi - فنلندي
Адыгэбзэ - شركسي
Norwegian - نرويجي
ქართული - جورجي
tamashaq - طارقي
ދިވެހި - ديفهي
slovenčina - سلوفاكي
Türkmençe - تركماني
башҡорт теле - بلوشي
afaan oromoo - أورومو
ភាសាខ្មែរ - خميرية
ಕನ್ನಡ - كنادي
Bassa - الباسا
Lingala - لينغالا
lietuvių - ليتواني
bamanankan - بامبارا
Soninke - سوننكي
Malagasy - ملاغاشي
Mandinka - مندنكا
Sängö - سانجو
Српски - صربي
Afaraf - عفري
Kinyarwanda - كينيارواندا
Jóola - جوالا
Bi zimanê Kurdî - كردي كرمنجي
Akan - أكاني
Chichewa - شيشيوا
ગુજરાતી - غوجاراتية
Mõõré - موري
créole - كريولي
ພາສາລາວ - لاو
මුල් පිටුව
අප ගැන
Contact Us
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උම්මු සල්මා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. “සැබැවින්ම නු...
සැබැවින්ම නායකයින් අප පාලනය කරනු ඇති බවත්, ඔවුන්ගේ ඇතැම් ක්‍රීයාවන් ආගමට අනුකූල බව අප දන්නා බවත් එයට පටහැනි ඇතැම් දෑ අප ප්‍රතික්ෂේප කරන බවත් නබි (සල්ල...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම මගෙන් පසුව බලපෑම් හා නුඹල...
මුස්ලිම්වරු පාලනය කරන ඇතැම් භාරකරුවන් බිහි වනු ඇත. ඔවුන් මුස්ලිම්වරුන්ගේ වස්තුවට හා අනෙකුත් ලෞකික කටයුතුවලට බලපෑම් කරනු ඇත. ඔවුන් සිතන පතන පරිදි ඒවා අ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: “නුඹලා සෑම කෙනෙක...
සමාජයේ වෙසෙන සෑම මුස්ලිම්වරයෙකුටම එය රැකබලා ගැනීමේ හා දරා ගැනීමේ වගකීමක් ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා ඇත. නායකයා හා ප්‍රධානියා...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මාගේ මේ නිවසේ හිඳ කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් ම...
මුස්ලිම්වරුන් අතර සුළු හෝ මහා හෝ කවර කටයුත්තක් හෝ වේවා එවැන්නක් භාර ගත් සෑම කෙනෙකුටම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රාර්ථනා කළහ. එය...
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව තමීම් අද්-දාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “දහම උපදෙසකි” අපි, ‘කව...
සැබැවින්ම ආගම අවංකත්වය හා සත්‍යය මත පදනම් වී ඇති බවත්, එය අල්ලාහ් අනිවාර්යය කළ පරිදි කිසිදු අඩුවක් හෝ රැවටීමක් හෝ සිදු නොකර පූර්ණ ව ඉටු කරන තරමටම විය...
“සැබැවින්ම නුඹලා මත නායකයින් ක්‍රියාත්මක වනවා ඇත. නුඹලා (ඔවුන්ගේ ඇතැම් ක්රියාවන්) හඳුනන්නෙහුය. තවද නුඹලා පිළිකුල් කරන්නෙහුය. කවරෙකු හඳුනා ගත්තේ ද සැබැවින්ම ඔහු නිදොස් විය. කවරෙකු පිළිකුල් කළේ ද ඔහු ආරක්ෂිත විය. නමුත් කවරෙකු පිළිගෙන අනුගමනය ...
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උම්මු සල්මා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. “සැබැවින්ම නුඹලා මත නායකයින් ක්‍රියාත්මක වනවා ඇත. නුඹලා (ඔවුන්ගේ ඇතැම් ක්රියාවන්) හඳුනන්නෙහුය. තවද නුඹලා පිළිකුල් කරන්නෙහුය. කවරෙකු හඳුනා ගත්තේ ද සැබැවින්ම ඔහු නිදොස් විය. කවරෙකු පිළිකුල් කළේ ද ඔහු ආරක්ෂිත විය. නමුත් කවරෙකු පිළිගෙන අනුගමනය කළේ ද ඔහු විනාශ වී යනු ඇත. ඔවුහු: ඔවුන් සමග අප සටන් කළ යුතු නොවේද? යැයි විමසුවෝය. එතුමාණෝ: ‘නැත, නුඹලා අතර ඔවුන් සලාතය ඉටු කරන තාක්කල්" යනුවෙන් පැවසූහ.
Hadeeth details
“සැබැවින්ම මගෙන් පසුව බලපෑම් හා නුඹලා පිළිකුල් කරන කටයුතු සිදුවනු ඇත.” 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ අපට නියෝග කරනුයේ කුමක්ද?' යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: “නුඹලා මත පැවරුණු වගකීම් නුඹලා ඉටු කරමින් නුඹලාට හිමි දෑ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීමය....
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම මගෙන් පසුව බලපෑම් හා නුඹලා පිළිකුල් කරන කටයුතු සිදුවනු ඇත.” 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ අපට නියෝග කරනුයේ කුමක්ද?' යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: “නුඹලා මත පැවරුණු වගකීම් නුඹලා ඉටු කරමින් නුඹලාට හිමි දෑ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීමය.” යැයි පැවසූහ.
Hadeeth details
“නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: “නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබනු ඇත. ජනතාවට නායකත්වය දරණ නායකයා මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. මිනිසා තම නිවැසියන් මත මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. කාන්තාව ඇයගේ ස්වාමිපුරුෂයාගේ නිවස හා ඔහුගේ දරුවා මත මෙහයවන්නියකි. ඇයගේ මෙහෙයවීම ගැන ඇය ප්‍රශ්න කරනු ලබනු ඇත. සේවකයා තම ස්වාමියාගේ දේපළ මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. ඒ අනුව නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙක් බවත් නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබන බවත් දැනගත යුතුය.”
Hadeeth details
“අහෝ අල්ලාහ්! කවරෙකු මාගේ සමූහයේ යම් කටයුත්තක් භාරව සිටගෙන, ඔවුන් මත දුෂ්කරතා ඇති කරන්නේ ද ඔබ ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු මැනව. තවද කවරෙකු මාගේ සමූහයේ කටයුත්තක් භාරව සිටගෙන ඔවුන් සම්බන්ධයෙන් මෘදු ලෙස කටයුතු කරන්නේ ද ඔහු සම්බන්ධයෙන් ද ඔබ මෘදු...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මාගේ මේ නිවසේ හිඳ කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “අහෝ අල්ලාහ්! කවරෙකු මාගේ සමූහයේ යම් කටයුත්තක් භාරව සිටගෙන, ඔවුන් මත දුෂ්කරතා ඇති කරන්නේ ද ඔබ ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු මැනව. තවද කවරෙකු මාගේ සමූහයේ කටයුත්තක් භාරව සිටගෙන ඔවුන් සම්බන්ධයෙන් මෘදු ලෙස කටයුතු කරන්නේ ද ඔහු සම්බන්ධයෙන් ද ඔබ මෘදු ලෙස කටයුතු කරනු මැනව.”
Hadeeth details
“දහම උපදෙසකි
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව තමීම් අද්-දාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “දහම උපදෙසකි” අපි, ‘කවුරුන් වෙනුවෙන් දැ’යි විමසා සිටියෙමු. එතුමා, අල්ලාහ් වෙනුවෙන් ද, ඔහුගේ ග්‍රන්ථය වෙනුවෙන් ද, ඔහුගේ දූතයා වෙනුවෙන් ද, මුස්ලිම් සමාජය වෙනුවෙන් ද, ඔවුන් අතර සිටින පොදු ජනතාව වෙනුවෙන් ද විය යුතුය.” යැයි කීහ.
Hadeeth details
එහි විවිධ අර්ථයන්ගෙන් යුත් දෑ අනුගමනය කරන්නන් ඔබ දුටු විටෙක, අල්ලාහ් නම් කර ඇත්තෝ ඔවුහුමය. නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න...
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මෙම අල්-කුර්ආන් පාඨය පාරායනය කළහ: "ඔහු වනාහි, නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි, ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තවද අපි එය විශ්වාස කළෙමු. ‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි' යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත." (ආලු ඉම්රාන් 7 වන වාක්‍ය). එතුමිය තවදුරටත්, "එහි විවිධ අර්ථයන්ගෙන් යුත් දෑ අනුගමනය කරන්නන් ඔබ දුටු විටෙක, අල්ලාහ් නම් කර ඇත්තෝ ඔවුහුමය. නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න" යැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පවසා සිටි බව ප්‍රකාශ කර සිටියාය.
Hadeeth details
ඔබ අතරින් කිසිවකු හෝ යම් පිළිකුල් සහගත දෙයක් දුටුවේ නම්, ඔහු එය ඔහුගේ අතින් වැළැක්විය යුතුය. (එයට) ඔහු අපොහොසත් වූයේ නම්, එවිට ඔහුගේ දිවෙන් ද (එයට ද) ඔහු අපොහොසත් වූයේ නම්, ඔහුගේ හදවතින් ද විය යුතුය. එය ඊමාන් හෙවත් දේව විශ්වාසයේ අවමම නිලයයි...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් කිසිවකු හෝ යම් පිළිකුල් සහගත දෙයක් දුටුවේ නම්, ඔහු එය ඔහුගේ අතින් වැළැක්විය යුතුය. (එයට) ඔහු අපොහොසත් වූයේ නම්, එවිට ඔහුගේ දිවෙන් ද (එයට ද) ඔහු අපොහොසත් වූයේ නම්, ඔහුගේ හදවතින් ද විය යුතුය. එය ඊමාන් හෙවත් දේව විශ්වාසයේ අවමම නිලයයි."
Hadeeth details
“අල්ලාහ්ගේ සීමාවන් තුළ ස්ථාවරව සිටින්නාට හා එහි වැටෙන්නාට උපමාව නැවක (ස්ථානයක් සඳහා) කුසපත් අදින පිරිසක් මෙනි. පසුව ඔවුන්ගෙන් පිරිසක් එහි ඉහළ කොටස ද තවත් පිරිසක් එහි පහළ කොටස ද ලබා ගත්තේය...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අන්-නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ සීමාවන් තුළ ස්ථාවරව සිටින්නාට හා එහි වැටෙන්නාට උපමාව නැවක (ස්ථානයක් සඳහා) කුසපත් අදින පිරිසක් මෙනි. පසුව ඔවුන්ගෙන් පිරිසක් එහි ඉහළ කොටස ද තවත් පිරිසක් එහි පහළ කොටස ද ලබා ගත්තේය. එහි පහළ කොටසේ සිටින්නන් ජලය ලබා ගැනීමට අවශ්‍ය වූ විට ඉහළ සිටින්නන් වෙත යන්නට ඔවුනට සිදු විය. පසුව ඔවුහු: 'අපට ඉහළින් සිටින්නන්ට කරදර නොකර අපගේ කොටසෙහිම අපි විවරයක් සාදා ගත්තේ නම් මැනව’ යැයි පැවසුවෝය. මොවුන් සිතන පරිදිම කරන්නට ඔවුහු ද මොවුන් අත්හැර දැමුවේ නම්, ඔවුන් සියලු දෙනාම විනාශ වී යනු ඇත. නමුත් ඔවුහු මොවුන්ගේ අත්වලින් අල්ලාහ් ගත්තේ නම්, ඔවුන් ද දිවි ගලවා ගන්නා අතරම සෙසු සියලු දෙනා ද දිවි ගලවා ගනු ඇත.”
Hadeeth details
“කවරෙකු යහමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු කුසල් හා සමාන කුසල් ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ කුසල්වලින් කිසිවක් එය අඩු කරන්නේ නැත...
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු යහමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු කුසල් හා සමාන කුසල් ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ කුසල්වලින් කිසිවක් එය අඩු කරන්නේ නැත. එමෙන්ම කවරෙකු නොමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු පාපයන් හා සමාන පාපය ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ පාපයෙන් කිසිවක් එය අඩු කරන්නේ ද නැත.”
Hadeeth details
කවරෙකු යම් යහපතක් වෙත මඟ පෙන්වන්නේ ද එය සිදු කළ තැනැත්තාගේ ප්රතිඵල මෙන් ඔහුට ද හිමිවනු ඇත
අබූ මස්ඌද් අල්අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, "සැබැවින්ම නැග යන්නට සතෙකු නොමැතිව මම පසුබට වී සිටිමි. එහෙයින් මා නංවාගෙන යන සතෙකු සූදානම් කර දෙන්නැ"යි පවසා සිටියේය. එවිට එතුමාණෝ "මා සතුව එවැන්නක් නැත" යැයි පැවසූහ. එවිට මිනිසකු, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහුව නංවාගෙන යන අයකු මම පෙන්වා දෙන්නම්" යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: “කවරෙකු යම් යහපතක් වෙත මඟ පෙන්වන්නේ ද එය සිදු කළ තැනැත්තාගේ ප්රතිඵල මෙන් ඔහුට ද හිමිවනු ඇත.”
Hadeeth details
අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ තුළින් එක් මිනිසෙකුට අල්ලාහ් මඟ පෙන්වන්නේ නම් එය රතු ඔටුවන් ලැබීමට වඩා ඔබට උතුම් වන්නේය” යැයි පැවසූහ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. කයිබර් දින: “අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි ප්‍රිය කරන, එමෙන්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ද ඔහු කෙරෙහි ප්‍රිය කරන පුද්ගලයකුට හෙට දින ධජය පිරිනමමි. ඔහුගේ අතින් අල්ලාහ් ජය ලබා දෙනු ඇත.” යැයි පැවසූහ. පසුව ජනයා ඔවුන් අතර එය කවරෙකුට පිරිනමනු ලබනු ඇත්දැ?යි අපේක්ෂාවෙන් ඔවුන්ගේ රාත්‍රිය ගත කළෝය. අළුයම උදා වූ කල්හි උදෑසනම තමන්ට එය පිරිනමනු ඇතැයි යන අපේක්ෂාවෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත ගියෝය. පසුව එතුමා: "අබූ තාලිබ්ගේ පුත් අලී කොහේදැ?"යි විමසූහ. එවිට ඔහු ඇස් අමාරුවෙන් පසුවන බව ප්‍රකාශ කරන ලදී. පසුව එතුමාණෝ ඔහු වෙත පිරිසක් යවා, ඔහුව ගෙන්වා ගෙන, ඔහුගේ දෑසට කෙළ තැවරූහ. ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කළහ. වේදනාවක් ඇති නොවූවාක් මෙන් ඔහු සුව අතට පත් විය. පසු ව ඔහුට ධජය පිරිනැමූහ. එවිට අලී තුමා, "අල්ලාහ්ගේ දූතයාණනි! අප මෙන් ඔවුන් ද පත්වන තුරු මම ඔවුන් සමග සටන් කරමි" යැයි පැවසීය. එවිට එතුමාණෝ, "ඔවුන්ගේ වැලිකතරට ගොඩ බසින තෙක් ඔබ සන්සුන්ව ගමන් කරන්න. පසුව ඔවුන්ව ඉස්ලාමය වෙත ඇරයුම් කරන්න. අල්ලාහ්ගේ විෂයයෙහි ඔවුනට අනිවාර්යය වන දෑ ඔවුනට දන්වා සිටින්න. අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ තුළින් එක් මිනිසෙකුට අල්ලාහ් මඟ පෙන්වන්නේ නම් එය රතු ඔටුවන් ලැබීමට වඩා ඔබට උතුම් වන්නේය” යැයි පැවසූහ.
Hadeeth details
“කවරෙකු යම් සමාජයක් අනුකරණය කරන්නේ ද ඔහු ඔවුන් අතරින් කෙනෙකි.”
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: “කවරෙකු යම් සමාජයක් අනුකරණය කරන්නේ ද ඔහු ඔවුන් අතරින් කෙනෙකි.”
Hadeeth details
‹
1
2
3
4
5
6
7
8
9
10
...
30
31
›
Share
Use the QR code to easily share the message of Islam with others
Copy Link
copied!
අප සමඟ සම්බන්ධ වන්න
×
නම
විද්‍යුත් තැපැල
කෙටි පණිවුඩය
අප සමඟ සම්බන්ධ වන්න
×
ඔබ එවූ පණිවිඩයට ස්තූතියි. අල්ලාහ්ගේ කැමත්ත පරිදි අපගේ අවධානය ඒ වෙත යොමු කෙරේ.
Share