- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වයේ සාධක අතරින් එකක් වනුයේ, සිදු වන්නට යන ගුප්ත දෑ ගැන තොරුතුරු දන්වා සිටීම හා දන්වා සිටි අයුරින්ම ඒවා සිදුවීමය.
- පිළිකුල් සහගත දෑ ගැන තෘප්තියට පත්වීම හෝ එයට හවුල් වීම සුදුසු නැත. එය පිළිකුල් කොට වැළැක්විය යුතුය.
- ෂරීආ පිළිවෙතට පටහැනි යමක් නායකයින් විසින් අලුතින් බිහි කළ විට, ඒ සම්බන්ධයෙන් ඔවුනට අවනත විය යුතු නැත.
- මුස්ලිම් පාලකයන්ට විරුද්ධව කැරලි ගැසීමට අවසර නැත. හේතුව මේ නිසා සිදු වන දූෂණය, ලේ වැගිරීම් සහ ආරක්ෂාව අහිමි වීම නිසාවෙනි. අකීකරු පාලකයන්ගේ නින්දා සහගත හැසිරීම් විඳ දරාගැනීම සහ ඔවුන්ගේ හානිය ඉවසා සිටීම ඊට වඩා පහසු ය.
- සලාතය අති වැදගත් කරුණකි. දේව ප්‍රතික්ෂේපය හා දේව අවනතභාවය වෙන් කර දක්වන නිර්ණායක එයයි.