විවරණය
සැබැවින්ම ආගම අවංකත්වය හා සත්‍යය මත පදනම් වී ඇති බවත්, එය අල්ලාහ් අනිවාර්යය කළ පරිදි කිසිදු අඩුවක් හෝ රැවටීමක් හෝ සිදු නොකර පූර්ණ ව ඉටු කරන තරමටම විය යුතු බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.
එවිට ‘කවුරුන් වෙනුවෙන් විය යුතු දැ’යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ:
පළමුව: ශුද්ධ වූ උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් විය යුතුය. එනම් ඔහුට අවංකව ක්‍රියා කිරීම, ඔහුට කිසිවක් හවුල් නොකිරීම, ඔහුගේ පරිපාලනත්වය, දේවත්වය හා ඔහුගේ නාම හා ගුණාංග විශ්වාස කිරීම, ඔහුගේ කරුා මහිමයට පත් කිරීම, ඔහුව විශ්වාස කරන මෙන් ඇරයුම් කර සිටීම යනාදිය තුළිනි. යැයි පැවසුහ.
දෙවැන්න: ඔහුගේ ග්‍රන්ථය වෙනුවෙන් විය යුතුය. එය ශුද්ධ වූ අල් කුර්ආනයයි. එනම් එය ඔහුගේ ප්‍රකාශය බවත් ඔහුගේ අවසන් ග්‍රන්ථය බවත් ඊට පෙර පැවති සියලුම පිළිවෙත් එය වෙනස් කරන්නක් බවත් විශ්වාස කිරීම, එයට ගරුබුහුමන් කිරීම, එය කියවිය යුතු ආකාරයෙන් කියවීම, එහි අඩංගු නීති අනුව කටයුතු කිරීම, එහි එකිනෙකට සමාන දෑ හඳුනා ගැනීම, විකෘති කරන්නන්ගේ විකෘති අදහස්වලින් ඉවත් වීම, එහි උපදෙස් පිළිබඳ අවධානය යොමු කිරීම, එහි ඇති දැනුම ව්‍යාප්ත කිරීම, ඒ වෙත ඇරයුම් කිරීම යනාදී කරුණු තුළිනි.
තුන්වැන්න: අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් විය යුතුය. එනම්: සැබැවින්ම එතුමාණන් අවසන් දූතයා බව විශ්වාස කිරීම, එතුමාණන් ගෙන ආ දෑ සම්බන්ධයෙන් එතුමාණන්ව සහතික කිරීම, එතුමාණන්ගේ නියෝග පිළිපැදීම, එතුමාණන් තහනම් කළ දැයින් වැළකී සිටීම, එතුමාණන් ගෙන ආ දැයින් හැර වෙනත් කිසිවකින් අල්ලාහ්ට නමස්කාර නොකිරිම, එතුමාණන්ගේ අයිතියට ගරු කිරීම, එතුමාණන්ට ගෞරවය කිරීම, එතුමාණන්ගේ ඇරයුමට ප්‍රචාරය කිරීම, එතුමාණන්ගේ පිළිවෙත ව්‍යාප්ත කිරීම හැ එතුමාණන් ගැන පවතින චෝදනා ප්‍රතික්ෂේප කිරීම යනාදිය තුළිනි.
සිව්වැන්න: මුස්ලිම් නායකයින් වෙනුවෙන් විය යුතුය: එය සත්‍යය තුළ ඔවුන්ට උපකාර කිරීම, ඔවුන් සමඟ වාද විවාද නොකිරීම සහ අල්ලාහ්ට අවනත වන කටයුතුවල දී ඔවුනට සවන් දීම හා කීකරු වීම තුළිනි.
පස්වැන්න: මුස්ලිම්වරුන් වෙනුවෙන් විය යුතුය: එය ඔවුන් සමග ත්‍යාගශීලීව කටයුතු කිරීම, සත්‍යය වෙත ඔවුට ඇරයුම් කිරීම, ඔවුනට අත්වන හානිදායක දැයින් ඔවුන් වැළැක්වීම, ඔවුනට සෙත සලසන්නට ප්‍රිය කිරීම, යහපත හා අල්ලාහ් පිළිබඳ මතකය ගෙන දෙන කටයුතු වලදී ඔවුනට සහයෝගය දී කටයුතු කිරීම යනාදිය තුළිනි.