මුල් පිටුව
අප ගැන
si
العربية - عربي
English - إنجليزي
español - إسباني
português - برتغالي
Kiswahili - سواحيلي
Français - فرنسي
Русский - روسي
اردو - أردو
italiano - إيطالي
Türkçe - تركي
አማርኛ - أمهري
ไทย - تايلندي
සිංහල - سنهالي
Wikang Tagalog - فلبيني تجالوج
Tiếng Việt - فيتنامي
नेपाली - نيبالي
Hausa - هوسا
Wollof - ولوف
বাংলা - بنغالي
ئۇيغۇرچە - أيغوري
অসমীয়া - آسامي
فارسی - فارسي
فارسی دری - دري
azərbaycanca - أذري
Ўзбек - أوزبكي
Deutsch - ألماني
Shqip - ألباني
فلبيني مرناو - فلبيني مرناو
български - بلغاري
ဗမာ - بورمي
bosanski - بوسني
polski - بولندي
தமிழ் - تاميلي
татар теле - تتاري
română - روماني
svenska - سويدي
Soomaali - صومالي
тоҷикӣ - طاجيكي
Pulaar - فولاني
कश्मीरी - كشميري
bahasa Melayu - ملايو
മലയാളം - مليالم
magyar - هنجاري مجري
हिन्दी - هندي
Èdè Yorùbá - يوربا
ελληνικά - يوناني
қазақ тілі - كازاخي
中文 - صيني
Bahasa Indonesia - إندونيسي
پښتو - بشتو
Luganda - لوغندي
తెలుగు - تلقو
日本語 - ياباني
ትግርኛ - تجريني
Кыргызча - قرغيزي
Kurdî - كردي
Nederlands - هولندي
čeština - تشيكي
українська - أوكراني
suomi - فنلندي
Norwegian - نرويجي
ქართული - جورجي
ދިވެހި - ديفهي
Türkmençe - تركماني
afaan oromoo - أورومو
ភាសាខ្មែរ - خميرية
ಕನ್ನಡ - كنادي
lietuvių - ليتواني
bamanankan - بامبارا
Soninke - سوننكي
Malagasy - ملاغاشي
Sängö - سانجو
Српски - صربي
Afaraf - عفري
Kinyarwanda - كينيارواندا
Bi zimanê Kurdî - كردي كرمنجي
Akan - أكاني
Chichewa - شيشيوا
ગુજરાતી - غوجاراتية
Mõõré - موري
créole - كريولي
මුල් පිටුව
අප ගැන
Contact Us
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල්ලාහ් ස්වර්ගය...
අල්ලාහ් ස්වර්ගය හා අපා ගින්නා මැවූ කල්හි, ඔහු ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමාට 'ඔබ ස්වර්ගයට ගොස් ඒ දෙස බලන්න' යැයි පැවසීය. ඔහු එහි ගොස් ඒ දෙස බලා නැවත...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ සතු ගින්න අපා ගින්නෙ...
සැබැවින්ම මෙලොව පවතින ගින්න අපා ගින්නේ හැත්තෑවෙන් එක් කොටසක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා ඇත. ඒ අනුව, මතුලොව ගින්නෙහි උෂ්ණත්වය මෙල...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී....
සැබැවින්ම උත්තරීතර අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පෘථිවිය අල්ලා එය එක්රැස් කරයි. තම දකුණතින් අහස් තුනී කර එය එකිනෙක මත තබා ඔතයි. ඒ සමගම එය...
දේව විශ්වාසීන්ගේ මෑණිය වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මා වෙත පැමිණියහ. මා...
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දැකීමට ඔහුගේ නිවසට ඇතුළු වූහ. එවිට, ඇය බඩු බාහිරාදිය තබා ඇති කුඩා අල්මාරිය සජීවී...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇ...
මුහම්මද් තුමාගේ පිළිවෙතට (නීතියට) අනුව මිනිසුන් අතර යුක්ති සහගතව විනිශ්චය කිරීම සඳහා මරිය තුමියගේ පුත් ඊසා තුමාගේ පහළවීම ඉතා සමීපයෙන් සිදුවන බව නබි...
අල්ලාහ් ස්වර්ගය හා අපා ගින්න මැවූ කල්හි ජිබ්රීල් අලයිහිස් සලාම් ස්වර්ගයට යැවීය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල්ලාහ් ස්වර්ගය හා අපා ගින්න මැවූ කල්හි ජිබ්රීල් අලයිහිස් සලාම් ස්වර්ගයට යැවීය. පසුව ඔහු: "ඔබ ඒ දෙස හා එහි වාසීන් හට මා සූදානම් කර ඇති දෑ දෙස බලනු." යැයි පැවසීය. එවිට ඔහු ඒ දෙස බලා නැවත පැමිණ මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන්, මේ ගැන සවන් වැකෙන කිසිවකු හෝ වේවා, ඔහු එහි පිවිසෙන්නේමය." පසු ව ඔහු එයට නියෝග කළේය. එය දුෂ්කර දැයින් වෙළුණේය. එවිට ඔහු: "ඔබ ඒ වෙත ගොස් ඒ දෙස හා එහි වැසියන් හට මා සූදානම් කර ඇති දෑ දෙස බලනු" යැයි පැවසීය. පසු ව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය දුෂ්කර දැයින් වෙළී තිබිණ. එවිට ඔහු: "ඔබේ ගෞරවයේ නාමයෙන්, කිසිවෙකු හෝ එහි ඇතුලු නොවනු ඇතැයි සැබැවින්ම මම බියවෙමි" යැයි පැවසීය. ඔහු: "ඔබ ගොස් අපාය දෙස හා එහි වැසියන් හට එහි මා සූදානම් කර ඇති දෑ දෙස බලනු" යැයි පැවසීය. පසුව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය ඒවා එකිනෙක මත ගොඩ ගැසී තිබුණි. පසුව නැවත හැරී පැමිණ මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන් කිසිවකු එහි නො පිවිසෙනු ඇත." පසුව ඔහු එයට නියෝග කළේය. පසුව එය ආශාවන්ගෙන් වෙළුණේය. පසු ව ඔහු: "ඔබ ගොස් ඒ දෙස බලනු" යැයි පැවසීය. පසු ව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය ආශාවන්ගෙන් වෙළී තිබුණි. නැවත හැරී ඇවිත් මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන් කිසිවකු එයට නො පිවිස එයින් ගැල වී නොයනු ඇතැයි මම බිය වෙමි."
Hadeeth details
ඔබ සතු ගින්න අපා ගින්නෙන් හැත්තෑවෙන් එක් කොටසකි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ සතු ගින්න අපා ගින්නෙන් හැත්තෑවෙන් එක් කොටසකි." එවිට "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එයම ප්‍රමාණවත් ය" යැයි ප්‍රකාශ කරන ලදී. එතුමා: "එය ඒවාට වඩා කොටස් හැට නවයකින් වැඩි කර ඇත. ඒවා සියල්ල එහි උෂ්ණත්වය හා සමාන වේ." යැයි පැවසුහ.
Hadeeth details
අල්ලාහ් පෘථිවිය අල්ලා ගනියි. ඔහුගේ දකුණු අතින් අහස් තුනී කර දමයි. පසුව ඔහු "මම රජ වෙමි! පොළොවේ රජවරු කොහේද? යැයි විමසයි...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල්ලාහ් පෘථිවිය අල්ලා ගනියි. ඔහුගේ දකුණු අතින් අහස් තුනී කර දමයි. පසුව ඔහු "මම රජ වෙමි! පොළොවේ රජවරු කොහේද? යැයි විමසයි."
Hadeeth details
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දරුණුතම දඬුවමට ලක්වන්නේ අල්ලාහ්ගේ මැවීමකට සමාන යමක් කිරීමට උත්සාහ කරන්නන් වේ...
දේව විශ්වාසීන්ගේ මෑණිය වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මා වෙත පැමිණියහ. මා විසින් මගේ කුටියේ (දොරටුවට) මා සතු පින්තූර සහිත තිරයකින් ආවරණය කර තිබුණි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එය දුටු විට, එය ඉවත් කළහ. එතුමාණන්ගේ මුහුණේ වර්ණය ද වෙනස් විය. එතුමාණෝ: "අහෝ ආඉෂා! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දරුණුතම දඬුවමට ලක්වන්නේ අල්ලාහ්ගේ මැවීමකට සමාන යමක් කිරීමට උත්සාහ කරන්නන් වේ." යැයි පැවසූහ. ආඉෂා තුමිය තවදුරටත්: 'අපි එය කෑලි කර ඉන් එක් කොට්ටයක් හෝ කොට්ට දෙකක් සාදා ගත්තෙමු' යැයි පැවසුවාය.
Hadeeth details
මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මරිය තුමියගේ පුත් (ජේසුස්) නුදුරේදීම ඔබ අතර සාධාරණ පාලකයෙකු ලෙස පහළ වනු ඇත. කුරුසය කඩා, ඌරන් මරා, ජිසියා (මුස්ලිම් නොවන අයගෙන් ලබාගත් බද්ද) අහෝසි කරනු ඇත. එවිට මුදල් බහුල වන අතර කිසිවක...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මරිය තුමියගේ පුත් (ජේසුස්) නුදුරේදීම ඔබ අතර සාධාරණ පාලකයෙකු ලෙස පහළ වනු ඇත. කුරුසය කඩා, ඌරන් මරා, ජිසියා (මුස්ලිම් නොවන අයගෙන් ලබාගත් බද්ද) අහෝසි කරනු ඇත. එවිට මුදල් බහුල වන අතර කිසිවකු පුණ්‍යාධාර භාර නො ගනු ඇත."
Hadeeth details
ඔබ 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත) යැයි පවසන්න. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ වෙනුවෙන් ඒ ගැන මමා සාක්ෂි දරමි...
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම මහප්පාට මෙසේ පවසා සිටියහ. "ඔබ 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත) යැයි පවසන්න. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ වෙනුවෙන් ඒ ගැන මමා සාක්ෂි දරමි" ඔහු: 'එසේ කිරීමට මා පෙලඹවූයේ (මරණයට ළං වන) බිය යැයි කියමින් කුරෙයිෂිවරුන් මට දොස් නැගීම ගැන මා බිය නොවන්නේ නම්, මම නිසැකවම ඔබේ දෑස් සතුටු කරන්නෙමි.' යැයි කීය. එවිට අල්ලාහ් මෙසේ හෙළිදරව් කළේ ය: "නියත වශයෙන්ම ඔබ ප්‍රිය කළ අයට, ඔබට මග පෙන්විය නොහැක. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි…" (අල්-කසස්: 56)
Hadeeth details
මාගේ තටාකය මසක ගමන් කරන දුරකි. එහි ජලය කිරි පැහැයට වඩා සුදුවන් වේ. එහි සුගන්ධය කස්තූරියට වඩා සුවඳැති වේ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මාගේ තටාකය මසක ගමන් කරන දුරකි. එහි ජලය කිරි පැහැයට වඩා සුදුවන් වේ. එහි සුගන්ධය කස්තූරියට වඩා සුවඳැති වේ. එහි ගුරුලේත්තු අහසේ තරු මෙන් පවතී. කවරෙකු ඉන් පානය කළේ ද ඉන් පසු ඔහුට කිසිදා පිපාසය ඇති වන්නේ නැත."
Hadeeth details
මරණය කළු සුදු මිශ්‍රැති බැටළුවෙකුගේ හැඩයෙන් ගෙනැවිත් තබනු ලැබේ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මරණය කළු සුදු මිශ්‍රැති බැටළුවෙකුගේ හැඩයෙන් ගෙනැවිත් තබනු ලැබේ. එවිට ඇරයුම් කරුවකු "අහෝ ස්වර්ග වැසියනි!" යැයි ඇරයුම් කරයි. එවිට ඔවුහු බෙලි දිගු කරමින් බලති. ඔහු: "නුඹලා මෙය හඳුනනවා ද?" යැයි විමසයි. ඔවුහු: "එසේය, මෙය මරණය වේ" යැයි පවසති. ඔවුන් සෑම කෙනෙකුම එය දැක තිබුණි. පසුව නැවතත් "අහෝ නිරා වැසියනි!" යැයි ඇරයුම් කරයි. එවිට ඔවුහු ද බෙලි දිගු කරමින් බලති. එවිට ඔහු: "නුඹලා මෙය හඳුනනවා ද?" යැයි විමසයි. එවිට ඔවුහු: "මෙය මරණය වේ" යැයි පවසති. ඔවුන් සෑම කෙනකුම එය දැක තිබුණි. පසුව එය කපා හරිනු ලැබ අනතුරුව "අහෝ ස්වර්ග වැසියනි! සදාතනිකභාවයයි. එහෙයින් මරණයක් නැත, අහෝ අපා වැසියනි! සදාතනිකභාවයයි. මරණයක් නැත යැයි පවසයි. පසුව හෙතෙම "ඔවුහු විශ්වාස නොකරමින් හා ඔවුන් නොසැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු" යන (සූරා මර්යම්: 39) පාඨය පාරායනය කළේය. එසේ නොසැලකිල්ලෙන් සිටි අය මෙලොව වාසීහු වෙති."
Hadeeth details
“සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පැවරිය යුතු නියම අයුරින් පවරා විශ්වාසය තබන්නෙහු නම්, උදෑසන හිස් බඩින් ගොස් සවස පිරුණු බඩින් පැමිණෙන පක්ෂියාට පෝෂණය කරනු ලබන්නාක් මෙන් නුඹලා ද පෝෂණය කරනු ලබනු ඇත.”...
සැබැවින්ම තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටි දෑට සවන් තුන් බව පවසමින් උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පැවරිය යුතු නියම අයුරින් පවරා විශ්වාසය තබන්නෙහු නම්, උදෑසන හිස් බඩින් ගොස් සවස පිරුණු බඩින් පැමිණෙන පක්ෂියාට පෝෂණය කරනු ලබන්නාක් මෙන් නුඹලා ද පෝෂණය කරනු ලබනු ඇත.”
Hadeeth details
“ආශිර්වාද දෙකක් ඇත. ජනයා අතරින් බහුතරයක් දෙනා ඒ දෙක ගැන නොසැලකිල්ලෙන් පසුවෙති. ඒවානම්: නිරෝගීකම හා විවේකයයි.”...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: “ආශිර්වාද දෙකක් ඇත. ජනයා අතරින් බහුතරයක් දෙනා ඒ දෙක ගැන නොසැලකිල්ලෙන් පසුවෙති. ඒවානම්: නිරෝගීකම හා විවේකයයි.”
Hadeeth details
“වාහනයේ ගමන් කරන්නා පා ගමනින් යන්නාටත්, පා ගමනින් යන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පවසනු ඇත.”...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “වාහනයේ ගමන් කරන්නා පා ගමනින් යන්නාටත්, පා ගමනින් යන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පවසනු ඇත.”
Hadeeth details
මාගේ ගැත්තනි! අසාධාරණය (අපරාධය) මම මා මතම තහනම් කර ගත්තෙමි. ඔබ අතරත් එය මා තහනම් කරනු ලැබූවක් බවට පත් කළෙමි. එබැවින් නුඹලා එකිනෙකාට අසාධාරණකම් නොකරන්න...
අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම පරමාධිපති ගැන වාර්තා කළ කරුණු සම්බන්ධයෙන් මෙසේ පවසා සිටියහ: “මාගේ ගැත්තනි! අසාධාරණය (අපරාධය) මම මා මතම තහනම් කර ගත්තෙමි. ඔබ අතරත් එය මා තහනම් කරනු ලැබූවක් බවට පත් කළෙමි. එබැවින් නුඹලා එකිනෙකාට අසාධාරණකම් නොකරන්න. මාගේ ගැත්තනි, මා කවරෙකුහට මඟ පෙන්වූයේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනා නොමඟ ගියවුන් වෙති. එබැවින් නුඹලා මගෙන් යහමඟ පතනු. මම නුඹලාට මඟ පෙන්වමි. මාගේ ගැත්තනි! මා කවරෙකුහට පෝෂණය කළේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනාම සාගින්නෙන් පෙළෙන්නන් වෙති. එබැවින්ම නුඹලා මගෙන් පෝෂණය පතනු. මම නුඹලාට පෝෂණය ලබා දෙන්නෙමි. මාගේ ගැත්තනි! මා කවරෙකුහට අඳින්නට සැළැස්සුවේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනා නිරුවත් අය වෙති. එබැවින් නුඹලා මගෙන් අඳින්නට පතනු. මම නුඹලාට අඳින්නට සළසන්නෙමි. සැබැවින්ම නුඹලා රාත්‍රියේ හා දහවලේ වැරදි කරන්නෙහුය. මම සියලු පාපයන්ට සමාව දෙන්නෙක්මි. එබැවින් නුඹලා මගෙන් සමාව අයැදිනු. මම නුඹලාට සමාව දෙමි. නුඹලා මට හානියක් කරන තරමට මට හානි කිරීමට නුඹලාට නොහැක්කේමය. එමෙන්ම මට ප්‍රයෝජනයක් කරන තරමට නුඹලා මට ප්‍රයෝජනයක් කළ නොහැක්කේමය. මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා නුඹලාගේ අන්තිමයා නුඹලාගේ මනුෂ්‍ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා කිසියම් මිනිසෙකුගේ වඩාත් ධාර්මික හදවත තරම් බැතිමත් වූයේ නම්, එය කිසිසේත් මාගේ ආධිපත්‍යය වැඩි නොකරනු ඇත. එමෙන්ම මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා, නුඹලාගේ අන්තිමයා, නුඹලාගේ මනෂ්‍ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා කිසියම් මිනිසෙකුගේ දුෂ්ට හදවත තරම් දුෂ්ට වූයේ නම්, එය කිසිම දෙයකින් මාගේ ආධිපත්‍යය අඩු නොකරනු ඇත. මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා, නුඹලාගේ අන්තිමයා, නුඹලාගේ මනුෂ්‍ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා උස් තැනකට නැගී මාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් (එසේ ඉල්ලන) සෑම මිනිසෙකුටම ඔහු ඉල්ලන දෑ මම පිරිනමමි. ඉඳිකටුවක් මුහුදට දමනු ලැබූ විට එය (එහි ජලය) අඩු නොකරන පරිදි මා සතුව ඇති දෑ ද එය අඩු කරන්නේ නැත. මාගේ ගැත්තනි! සැබැවින්ම නුඹලාගේ ක්‍රියාවන් වූ කල්හි, ඒවා මම නුඹලා වෙනුවෙන් සටහන් කර තබා ඇත්තෙමි. පසුව නුඹලාට මා ගෙවනුයේ ඒවාට පමණි. එබැවින් කවරෙකු යහපත සොයා ගත්තේ ද ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතුයි. ඒ හැර වෙනත් දෙයක් ලැබුවේ ද ඔහු ඔහුටම මිස (අල්ලාහ්ට) දොස් නොපැවරිය යුතුයි.”
Hadeeth details
‹
1
2
3
4
5
6
7
8
9
10
...
30
31
›
Share
Use the QR code to easily share the message of Islam with others
Copy Link
copied!
අප සමඟ සම්බන්ධ වන්න
×
නම
විද්‍යුත් තැපැල
කෙටි පණිවුඩය
අප සමඟ සම්බන්ධ වන්න
×
ඔබ එවූ පණිවිඩයට ස්තූතියි. අල්ලාහ්ගේ කැමත්ත පරිදි අපගේ අවධානය ඒ වෙත යොමු කෙරේ.
Share