- විශ්වාසය තබා භාර කිරීමේ මහිමය. සැබැවින්ම එය පෝෂණ සම්පත් ගෙන දීමේ අතිමහත් සාධකයකි.
- විශ්වාසය තබා භාර කිරීමේ ක්‍රියා හේතුවට පටහැනි නොවේ. සැබෑ විශ්වාසය තබා භාර කිරීම යනු එය පෝෂණ සම්පත් සේවීමේ දී උදේ සවස පිටත්ව ගොස් පැමිණීමේ ක්‍රියාවලියට විරුද්ධ නොවන්නකි.
- හදවත් හා බැඳුණු ක්‍රියාවන්ට ෂරීආව ප්‍රමුඛත්වය ලබා දෙයි. සැබැවින්ම විශ්වාසය තබා භාර කිරීම යනු හදවත හා බැඳුණු ක්‍රියාවකි.
- හේතු මත පමණක් බැඳී සිටීම දහම තුළ හීනතාවකි. එමෙන්ම හේතු සාධක අත්හැර දැමීම බුද්ධි හීනතාවකි.