- වගකිව යුත්තා ව්‍යාපාරිකයාට සමානය. නීරෝගීභාවය හා විවේකය ප්‍රාග්ධනයට සමානය. එහෙයින් කවරෙකු ඔහුගේ ප්‍රාග්ධනය විධිමත් ලෙස යොදවන්නේ ද ඔහු ජයග්‍රහහණය ලබන අතර ලාබ ද ලබනු ඇත. කවරෙකු එය නාස්ති කර ගන්නේ ද ඔහු පාඩු ලබන අතර පසුතැවිලි ද වනු ඇත.
- ඉබ්නු හාසින් තුමා මෙසේ පවසයි. "ආශිර්වාදය යනු මිනිසා භුක්ති විදින හා රස විඳින දෑය. පාඩුව යනු අධික මිලට යමක් මිලදී ගැනීම හෝ ස්ථාවර මිලට අඩුවෙන් විකිණීමය. කවරෙකුගේ ශරීරය නිරෝගීමත් වී, කාර්යබහුලතාවයෙන් විවේකය ලබා, පසුව ඔහු මතුලොව විධිමත් කර ගැනීම සඳහා ඒවා යොදා නොගත්තේ ද ඔහු ව්‍යාපාරයේ පාඩු ලබන්නෙකු මෙන් වන්නේය."
- නිරෝගීකම හා විවේකය, සර්වබලධාරී අල්ලාහ් වෙත සමීප වීම උදෙසා යොදවා ගෙන, ඒ දෙක අහිමි වීමට පෙර යහපත් කටයුතුවල නිරත වී ඉන් ප්‍රයෝජනය ලබන්නට උනන්දු කරවීම.
- අල්ලාහ්ගේ ආශිර්වාදය සඳහා කෘතඥ වීම යනු උත්තරීතර අල්ලාහ්ට කීකරු වීමෙන් ඒවා භාවිතා කිරීමයි.
- අල්-කාළී තුමා සහ අබූ බක්ර් ඉබ්නු අල්-අරබී තුමා මෙසේ පවසයි. "ගැත්තා වෙත දායාද කළ පළමු ආශිර්වාදය සම්බන්ධයෙන් විවිධ මත පවතී. එය 'ඊමාන්' හෙවත් දේව විශ්වාසය යනුවෙන් සඳහන් වී ඇති අතර තවත් විටෙක 'හයාත්' හෙවත් ජීවිතය යනුවෙන් ද 'සිහ්හා' හෙවත් නීරෝගී භාවය යනුවෙන් ද සඳහන් වී ඇත. පළමු වැන්න පොදු ආශිර්වාදයක් වන බැවින් එම අර්ථය වඩාත් උචිතය. ජීවිතය හා නිරෝගීභාවය යනු ලෞකික ආශිර්වාදයන් දෙකකි. ඊමානය ඒ සමඟ නොබැඳුණු විටෙක එය සැබෑ ආශිර්වාදයක් නොවනු ඇත. බහුතරයක් ජනයා එහි පාඩු ලබන්නේ එවිටය. එනම්, ඔවුන්ගේ ලාබය පහව ගොස් එය අඩු වී යනු ඇත යන්නය. යමෙක් සැනසුම සඳහා සදා නපුරෙන් පිරුණු දැඩි ආශාවෙන් යුත් තම ආත්මය සමග බැඳී කටයුතු කරන්නේ නම්, එමෙන්ම සීමාවන් මත රැඳී සිටීම හා නැමදුම්හි නිරතවීම අත්හැර දමන්නේ නම් සැබැවින්ම ඔහු පාඩු වින්දේය. තවද ඔහු විවේකී වූ විට ද එලෙසමය. කාර්ය බහුල තැනැත්තා විවේකී පුද්ගලයකු මෙන් නොව ඔහුට නිදහසට කරුණු කීමේ අවස්ථාව ඇත. සැබැවින්ම විවේකී පුද්ගලයා නිදහසට කරුණු දැක්වීම ඔහුගෙන් ඉවත් කර ඔහුට සාධක ක්‍රියාත්මක වෙයි.