- මෙම හදීසය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන දන්වා සිටි හදීසයකි. මෙයට "අල් හදීසුල් කුද්සී" හෝ "..ඉලාහී" (දිව්‍ය ප්‍රකාශය) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හා අදහස් අල්ලාහ්ගෙන් වූවකි. නමුත් එය කියවීම නැමදුමක් බවට පත් කර ගැනීම, ඒ සඳහා පිරිසිදුභාවයේ අවශ්‍යතාව, අභියෝග කිරීම්, ප්‍රාතිහාර්යයන් වැනි සෙසු දැයින් වෙන් කර හඳුනාගත හැකි අල් කුර්ආනයේ ලක්ෂණ එහි නැත.
- දැනුමෙන් හා මඟ පෙන්වීමෙන් ගැත්තන් කවර කරුණක් ලැබුව ද එය අල්ලාහ්ගේ මඟ පෙන්වීම හා ඔහුගේ ඉගැන්වීම තුළිනි.
- ගැත්තෙකුට සිදුවන ඕනෑම යහපතක් වේවා, එය සර්වබලධාරී අල්ලාහ්ගේ කරුණාවෙන් වන අතර, ඔහුට සිදුවන ඕනෑම අයහපතක් වේවා එය ඔහු තුළින් සහ ඔහුගේ ආශාවන්ගෙන් වනු ඇත.
- කවරෙකු යහපත කරන්නේ ද එය අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් වන්නකි. එහි ප්‍රතිඵල අල්ලාහ්ගේ භාග්‍යයෙන් වන්නකි. එහෙයින් සියලු ප්‍රශංසා අල්ලාහ්ට පමණක් සතුය. නමුත් කවරෙකු නපුරුකම් කරන්නේ ද, තමන්ටම මිස වෙනත් කිසිවකුට ඔහු දොස් නැගිය නො යුතුය.