- අල් කුර්ආනයේ පාඨ අතර තීරණාත්මක පාඨ ඇත. එහි සාධක පැහැදිලි හා එහි අර්ථය ඉස්මතු ව පවතී. එමෙන්ම විවිධ අදහස් ඇති පාඨ ද ඇත. ඒවා අදහස් බොහෝමයකින් සමන්විත අතර එය වටහා ගැනීමට හා නිරීක්ෂණය කිරීමට අවැසි වේ.
- ව්‍යාකූලත්වයෙන් පසුවන්නන්, ආගමික වශයෙන් නව්‍ය කටයුතු බිහි කරන්නන් හා මිනිසා නොමඟ යවනු පිණිසත් ඔවුන් විකෘති තත්ත්වයට පත් කරනු පිණිසත් ගැටළු හා ප්‍රශ්න හෙළන්නන් සමග ආශ්‍රය කිරීම ගැන අවවාද කිරීම.
- පාඨය අවසානයේ උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කර ඇත්තේ "බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත" යනුවෙනි. එය ව්‍යාකූලත්වයෙන් පසුවන්නන් පිටු දකිමින් හා ගැඹුරු ඥානය ඇත්තන් පැසසුමට ලක් කරමිනි. ඉන් අදහස් කරන්නේ කවරෙකු මෙනෙහි නොකර, උපදෙස් නොලබා හා තම ආශාවන් අනුගමනය කළේ ද ඔහු ප්‍රබුද්ධිමතුන් අතරින් නොවන්නේය.
- විවිධ කරුණු පිළිපැදීම සිත් ව්‍යාකූලත්වයට පත්වීමට හේතු වේ.
- අර්ථය නොවැටහෙන විවිධ අදහස්වලින් යුත් පාඨ, තීරණාත්මක පාඨ වෙත යොමු කළ යුතු වේ.
- අල් කුර්ආනයේ ඇතැම් පාඨ තීරණාත්මක පැහැදිලි පාඨ ලෙස හා තවත් පාඨ විවිධ අදහස්වලින් යුත් පාඨ ලෙස අල්ලාහ් පත් කර ඇත. එය මුළාවූවන්ගෙන් දේවත්වය විශ්වාස කරන උදවිය කවුරුන්දැයි වෙන්කර හඳුනා ගැනීම සඳහා මිනිසා වෙනුවෙන් වූ පරීක්ෂණයකි.
- අල්-කුර්ආනයේ විවිධ අදහස් ඇති පාඨ තුළට වැටීමේ දී අන් අයට වඩා විද්වතුන්ගේ ශ්‍රේෂ්ඨත්වය මතු වීම ඒවායෙහි අඩුපාඩු පිළිබඳ බුද්ධියට දැනුවත් කිරීම එය ඒවා නිර්මාණය කළ දෙවිඳුන්ට යටත්වී ඒවායෙහි නොහැකියාව පිළිගැනීම සඳහාය.
- ගැඹුරු ඥානයේ මහිමය හා එහි ස්ථාවරව සිටීමේ අවශ්‍යතාව.
- "එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය." යන පාඨයේ අල්ලාහ් යන පදයෙන් නතර කිරීමෙහි විචාරකයින් සතුව ප්‍රකාශ දෙකක් ඇත. ඒ අනුව කවරෙකු අල්ලාහ් මත නතර කළේ ද එවිට 'යථාර්ථය' යන පදයෙහි අදහස යම් දෙයක සැබෑ තත්ත්වය හා එහි සාරය පිළිබඳ දැනුම සහ එය වටහා ගැනීමට කිසිදු මඟක් නැති දෑ යන්නය. එය අල්ලාහ්ගේ දැනුමට පමණක් බලපැවැත්වෙන ප්‍රාණය හා අවසන් හෝරාව වැනි කරුණු සේය. ගැඹුරු ඥානය ඇත්තෝ එය විශ්වාස කරති. එහි යථාර්ථය අල්ලාහ් වෙත භාර කර යටහත් පහත් වෙති. කවරෙකු අල්ලාහ් යන පදයෙන් නතර නොවී, අඛණ්ඩව කියවන්නේ ද එවිට 'යථාර්ථය' යන්නෙහි අදහස විග්‍රහ කිරීම, නිරාවරණය කිරීම, පැහැදිලි කිරීම යන අදහස ගෙන දෙයි. එවිට අල්ලාහ් එය ගැන දන්නා අතර ගැඹුරු ඥානය ඇත්තන් ද ඒ ගැන දනියි යන්නෙන් අදහස් වේ. ඔවුහු ඒවා ගැන විශ්වාස කරන අතර ඒවා තීරණාත්මක දෑ වෙත යොමු කරති.