- අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමාගේ මහිමය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔහුට ප්‍රිය කරන බවත් ඔහු ද අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට ප්‍රිය කරන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහු ගැන සාක්ෂි දැරීම.
- යහපත කිරීමෙහි සහාබාවරුන් දැක් වූ උනන්දුව හා ඒ සඳහා ඔවුන් තුළ තිබූ තරඟකාරිත්වය.
- සටන් කරන අවස්ථාවේ විනයක් ඇතිව කටයුතු කිරීම, නොසැලකිලිමත්කම් හා අවශ්‍ය නැති ඝෝෂාවන් අත්හැර දැමීම යනාදී කරුණු ආගමානුගත වේ.
- යුදෙව්වන්ට එරෙහිව ජයග්‍රහණය ලබන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටීම, අල්ලාහ්ගේ අනුහසින් එතුමාණන්ගේ දෑතින් අලී ඉබ්නු අබී තාලිබ්ගේ දෑස් සුවය ලැබීම එතුමාණන්ගේ නබිත්වයට සාක්ෂි දරන සාධක වේ.
- ජිහාදයේ ප්‍රධානතම අපේක්ෂාව ජනයා ඉස්ලාමය තුළට පිවිසීමය.
- ඇරයුම අදියරයෙන් අදියර විය යුත්තකි. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නාගෙන් පළමුව ඉල්ලා සිටිනු ලබන්නේ සාක්ෂියේ ප්‍රකාශ දෙක උච්චාරණය කරමින් ඉස්ලාමය තුළට පිවිසීමය. පසුව ඉස්ලාමයේ සෙසු වගකීම් පිළිබඳ ඔහුට නියෝග කරනු ලැබේ.
- ඉස්ලාමය වෙත ඇරයුම් කිරීමේ මහිමය. එහි ඇරයුම් කරනු ලබන්නා හා ඇරයුම් කරන්නා සතු යහපත. ඇරයුම් කරනු ලබන්නා යහමග ලබන අතර ඇරයුම් කරන්නා අතිමහත් කුසල් ලබනු ඇත.