- තම ප්‍රජාව අතර මතු සිදුවන කරුණු දැන්වීම, පසුව එසේ දන්වා සිටි අයුරින්ම
- ඒවා සිදු වීම, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය පෙන්වා දෙන සාධකයකි.
- පීඩාවට පත් පුද්ගලයා සන්සුන් වීම සඳහා සිදුවන්නට යන විපත්තිය ගැන ඔහුට දැනුම් දීමට අවසර ඇත. එවිට ඔහු වෙත එය පැමිණෙන විට, ඔහු ඉවසිලිවන්තව හා කුසල් අපේක්ෂා කරමින් කටයුතු කරනු ඇත.
- අල් කුර්ආනය හා නබි පිළිවෙත පිළිපැදීම අර්බුධ හා මත ගැටුම්වලින් මිදීමේ මාර්ගය වේ.
- යහපත් අයුරින් කටයුතුභාර උදවියට සවන් දීමට හා අවනත වීමටත් ඔවුන්ගෙන් කිසියම් අපරාධයක් සිදු වුව ද ඔවුනට එරෙහිව කැරළි නො ගැසීමටත් දිරි ගැන්වීම.
- අර්බූද සිදුවන කාලවල දී ප්‍රඥාවෙන් යුතුව කටයුතු කිරීම හා නබි පිළිවෙත අනුගමනය කිරීම.
- මිනිසාට අපරාධ සිදු වුව ද තමන් වෙත පැවරුනු වගකීම් ඉටු කිරීම ඔහු සතු වගකීමකි.
- 'නපුරුකම් දෙකකින් වඩාත් අවම දෑ හෝ හානිදායක දෙකකින් වඩාත් සැහැල්ලු දෑ තෝරා ගත යුතු වේ' යන රීතියට මෙය සාධකයකි.