- මහා පරිමානයෙන් හෝ සුළුවෙන් හෝ යහමග වෙත ඇරයුම් කිරීමේ මහිමය. සැබැවින්ම ඇරයුම් කරන්නාට, ඔහුව පිළිපදින්නා සතු කුසල් හිමි වන්නේය. එය උත්තරීතර අල්ලාහ්ගේ අතිමහත් භාග්‍යයයිත පූර්ණවත් උපකාරයයි.
- මහා පරිමානයෙන් හෝ සුළුවෙන් හෝ වේවා නොමඟ වෙත ඇරයුම් කිරීමේ බරපතලකම. සැබැවින්ම ඒ වෙත ඇරයුම් කරන්නා හට එය සිදු කරන්නාගේ පව් බර ද පැටවෙනු ඇත.
- ප්‍රතිඵල අදාළ ක්‍රියා වර්ගයෙන්ම පිහිටයි. එහෙයින් කවරෙකු යහපත වෙත ඇරයුම් කළේ ද එය සිදු කළ තැනැත්තාට හිමි කුසල් හා සමාන කුසල් ඔහුට හිමි වන්නේය. එමෙන්ම නපුරක් වෙත ඇරයුම් කළේ ද එය සිදුකරන්නාගේ පව් බර ඔහු මත පිහිටනු ඇත.
- මිනිසුන් බලා සිටිය දී, ප්‍රසිද්ධියේම පව් කිරීමෙන් හා එහි දී ඔහුව අනුකරණය කිරීමෙන් මුස්ලිම්වරයෙකු පරිස්සම් විය යුතුය. මන්ද ඔහු එසේ කිරීමට අනුබල නොදුන්නත් ඔහු අනුකරණය කරන තැනැත්තා විසින් ඔහු පව් කාරයකු වනු ඇත.