මුල් පිටුව
අප ගැන
si
العربية - عربي
English - إنجليزي
español - إسباني
português - برتغالي
Kiswahili - سواحيلي
Français - فرنسي
Русский - روسي
اردو - أردو
italiano - إيطالي
Türkçe - تركي
አማርኛ - أمهري
ไทย - تايلندي
සිංහල - سنهالي
Wikang Tagalog - فلبيني تجالوج
Tiếng Việt - فيتنامي
नेपाली - نيبالي
Hausa - هوسا
Wollof - ولوف
বাংলা - بنغالي
ئۇيغۇرچە - أيغوري
অসমীয়া - آسامي
فارسی - فارسي
فارسی دری - دري
azərbaycanca - أذري
Ўзбек - أوزبكي
Deutsch - ألماني
Shqip - ألباني
فلبيني مرناو - فلبيني مرناو
български - بلغاري
ဗမာ - بورمي
bosanski - بوسني
polski - بولندي
தமிழ் - تاميلي
татар теле - تتاري
română - روماني
svenska - سويدي
нохчийн мотт - شيشاني
Soomaali - صومالي
тоҷикӣ - طاجيكي
Pulaar - فولاني
कश्मीरी - كشميري
한국어 - كوري
македонски - مقدوني
bahasa Melayu - ملايو
മലയാളം - مليالم
magyar - هنجاري مجري
हिन्दी - هندي
Èdè Yorùbá - يوربا
ελληνικά - يوناني
қазақ тілі - كازاخي
עברית - عبري
中文 - صيني
Bahasa Indonesia - إندونيسي
dansk - دنماركي
پښتو - بشتو
أنكو - أنكو
Luganda - لوغندي
తెలుగు - تلقو
日本語 - ياباني
ትግርኛ - تجريني
Кыргызча - قرغيزي
Kurdî - كردي
Nederlands - هولندي
čeština - تشيكي
українська - أوكراني
eesti - إستوني
suomi - فنلندي
Адыгэбзэ - شركسي
Norwegian - نرويجي
ქართული - جورجي
tamashaq - طارقي
ދިވެހި - ديفهي
slovenčina - سلوفاكي
Türkmençe - تركماني
башҡорт теле - بلوشي
afaan oromoo - أورومو
ភាសាខ្មែរ - خميرية
ಕನ್ನಡ - كنادي
Bassa - الباسا
Lingala - لينغالا
lietuvių - ليتواني
bamanankan - بامبارا
Soninke - سوننكي
Malagasy - ملاغاشي
Mandinka - مندنكا
Sängö - سانجو
Српски - صربي
Afaraf - عفري
Kinyarwanda - كينيارواندا
Jóola - جوالا
Bi zimanê Kurdî - كردي كرمنجي
Akan - أكاني
Chichewa - شيشيوا
ગુજરાતી - غوجاراتية
Mõõré - موري
créole - كريولي
ພາສາລາວ - لاو
මුල් පිටුව
අප ගැන
Contact Us
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන්ගේ සෑම අවස්ථාවකම අල්ලාහ්ව මෙනෙහි කරන්නෙකු වූහ.”
උත්තරීතර අල්ලාහ් මෙනෙහි කිරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැඩි සේ උනන්දු වූ බවත්, සෑම කාලයකම සෑම ස්ථානයකම හා සෑම තත්ත්වයකම උත්තරීතර අල්ලා...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ් වෙත ප්‍රාර්ථනා කිරීම තරම් ග...
නැමදුම් අතර උත්තරීතර අල්ලාහ් අබියස ප්‍රාර්ථනාවට වඩා උතුම් වෙනත් දෙයක් නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කරයි. ඊට හේතුව ඒ තුළ උත...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: පාපයක් නැති ඥාතී සම්බන්ධකම් බිඳ නො...
පාපකම් හා අපරාධ කිරීමට තමන්ට පහසු කර දෙන මෙන් ඉල්ලා අයදින පාපී ප්‍රාර්ථනාවකින් තොරව හා තම දරුවන් හා තම සමීප ඥාතී සම්බන්ධකම් බිඳ දමන මෙන් ඉල්ලා අයදින ආ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ස්වර්ගයේ සිය...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියහ: "ස්වර්ගයේ සිය ගණනක් නිලයන් හා තරාතිරම් ඇත. ඒ සෑම තාරතිරම් දෙකක් අතර දුර ප්‍රමාණය අහස හා පොළ...
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ: يَا مُقَلِّبَ القُلُوبِ ثَ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අධික ලෙස ප්‍රාර්ථනා කර සිටියේ ආගම හා අවනතභාවය මත ස්ථාවර ව තබන මෙන් හා අපගමනයෙන් හා නොමඟ යෑමෙන් දුරස් කරන මෙනි....
“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන්ගේ සෑම අවස්ථාවකම අල්ලාහ්ව මෙනෙහි කරන්නෙකු වූහ.”...
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන්ගේ සෑම අවස්ථාවකම අල්ලාහ්ව මෙනෙහි කරන්නෙකු වූහ.”
Hadeeth details
“අල්ලාහ් වෙත ප්‍රාර්ථනා කිරීම තරම් ගෞරවනීය දෙයක් තවත් නැත.”
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ් වෙත ප්‍රාර්ථනා කිරීම තරම් ගෞරවනීය දෙයක් තවත් නැත.”
Hadeeth details
පාපයක් නැති ඥාතී සම්බන්ධකම් බිඳ නො දමන ආකාරයේ යම් ප්‍රාර්ථනාවක් කරන මුස්ලිම්වරයකුට ආකාර තුනෙන් එක් ආකාරයකින් හෝ අල්ලාහ් ඔහුට එය පිරිනමනු ඇත. එනම්, එක්කො ඔහුගේ ප්‍රාර්ථනාව ඔහුට කල් ඇතිව ඉක්මන් කරනු ලැබේ. එක්කො මතුලොවෙහි එය ඔහු වෙනුවෙන් රැස්ක...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: පාපයක් නැති ඥාතී සම්බන්ධකම් බිඳ නො දමන ආකාරයේ යම් ප්‍රාර්ථනාවක් කරන මුස්ලිම්වරයකුට ආකාර තුනෙන් එක් ආකාරයකින් හෝ අල්ලාහ් ඔහුට එය පිරිනමනු ඇත. එනම්, එක්කො ඔහුගේ ප්‍රාර්ථනාව ඔහුට කල් ඇතිව ඉක්මන් කරනු ලැබේ. එක්කො මතුලොවෙහි එය ඔහු වෙනුවෙන් රැස්කර තබයි. එක්කො ඒ හා සමාන නපුරක් ඔහුගෙන් ඉවත් කරයි. ඔවුහු: "එසේ නම් අපි වැඩි කරන්නෙමු" යැයි පැවසුවෝය. එතුමාණෝ "අල්ලාහ් ඉතා උතුම්ය" යැයි පැවසුහ.
Hadeeth details
එබැවින් ඔබ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින විට ඔහුගෙන් ෆිර්දව්ස් ස්වර්ගයම ඉල්ලා සිටින්න
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ස්වර්ගයේ සිය ගණනක් තරාතිරම් ඇත. ඒ සෑම තාරතිරම් දෙකක් අතර ප්‍රමාණය අහස හා පොළොව අතර ප්‍රමාණය මෙනි. ඒවා අතරින් උසස්ම තරාතිරම වනුයේ ෆිර්දව්ස් ය. ඉන් ස්වර්ගයේ ගංගා හතරක් ගලා බසිනු ඇත. ඊට ඉහළින් දේව රාජ්‍යය පිහිටා ඇත. එබැවින් ඔබ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින විට ඔහුගෙන් ෆිර්දව්ස් ස්වර්ගයම ඉල්ලා සිටින්න."
Hadeeth details
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ: يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ "යා මුකල්ලිබුල් කුලූබි සබ්බිත් කල්බී අලා දීනික”...
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ: يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ "යා මුකල්ලිබුල් කුලූබි සබ්බිත් කල්බී අලා දීනික” (අහෝ හදවත් වෙනස් කරන්නානනි! මාගේ හදවත ඔබේ දහම මත ස්ථාවරව තබනු මැනව.) යනුවෙන් අධික ලෙස ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. එවිට මම:"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ඔබ හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කර ඇත්තෙමු. එසේ තිබිය දී ඔබ අප ගැන බියවන්නෙහි ද?" යැයි විමසුවෙමි. එතුමාණෝ: "ඔව්, සැබැවින්ම හදවත ඇත්තේ අල්ලාහ්ගේ ඇඟිලි අතරින් ඇඟිලි දෙකක් අතර ය. ඔහු අභිමත කරන පරිදි එය පෙරළනු ඇත." යැයි පැවසුහ.
Hadeeth details
“අල්ලාහුම්ම අස්ලිහ් ලී දීනී, අල්ලදී හුව ඉස්මතු අම්රී
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කරමින් සිටි බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහුම්ම අස්ලිහ් ලී දීනී, අල්ලදී හුව ඉස්මතු අම්රී. වඅස්ලිහ් ලී දුන්යාය, අල්ලතී ෆීහා මආෂී. වඅස්ලිහ් ලී ආකිඃරතී, අල්ලතී ඉලයිහා මආදී. වජ්අලිල් හයාත සියාදතන් ලී මින් කුල්ලි කයිරින්. වජ්අලිල් මව්ත රාහතන් ලී මින් කුල්ලි ෂර්රින්.” තේරුම: (අහෝ අල්ලාහ්! මාගේ සියලු කාර්යයන්හි ආරක්ෂාව වූ මාගේ දහම මට විධිමත් කර දෙනු මැනව. මාගේ ජීවිතය රැඳී පවතින ලෞකික විෂයයන් විධිමත් කර දෙනු මැනව. එමෙන්ම මා ආපසු හැරි යෑමට තිබෙන මතු ජිවිතය ද විධිමත් කර දෙනු මැනව. කුසල් ක්‍රියාවන් අධිකව කිරීම සඳහා මගේ ආයුෂ දීර්ඝ කරනු මැනව. සියලු උවදුරුවලින් සහන ලබන අයුරින් මාගේ මරණය පහසු කරනු මැනව.”
Hadeeth details
අහෝ දෙවිඳුනි! මෙලොව හා මතුලොව ජීවිතයේ සුවය සැබැවින්ම මම ඔබෙන් පතමි. මාගේ දහම, මාගේ මෙලොව ජීවිතය, මගේ පවුල හා මගේ සම්පත් යනාදියෙහි සුවය හා සමාව මම ඔබෙන් පතමි...
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සවස් කාලයට එළැඹෙන විට හා උදෑසනට එළැඹෙන විට මෙම ප්‍රාර්ථනාවන් පවසා සිටීම කිසිවිටෙක අත් හැරියේ නැත. එනම්: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَتِي -أَو: عَوْرَاتِي- وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ، وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي، وَعَنْ شِمَالِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي තේරුම: (අහෝ දෙවිඳුනි! මෙලොව හා මතුලොව ජීවිතයේ සුවය සැබැවින්ම මම ඔබෙන් පතමි. මාගේ දහම, මාගේ මෙලොව ජීවිතය, මගේ පවුල හා මගේ සම්පත් යනාදියෙහි සුවය හා සමාව මම ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! මගේ අඩුපාඩු වසං කරනු මැනව. මගේ බිය තුරන් කරනු මැනව. මගේ ඉදිරිපස, පසුපස, දකුණුපස, වම්පස, ඉහළ හා පහල යන දිශාවන්ගෙන් මාහට ආරක්ෂා සලසනු මැනව. මට පහළින් විය හැකි අනතුරුවලින් ආරක්ෂාව ද ඔබේ ශ්‍රේෂ්ඨත්වයේ නාමයෙන් පතමි.)
Hadeeth details
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ الْخَيْرِ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، وَأَعُوذُ بِكَ مِنْ الشَّرِّ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ...
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසලල්ම්) තමන්ට මෙම ප්‍රාර්ථනාව ඉගැන් වූ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ الْخَيْرِ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، وَأَعُوذُ بِكَ مِنْ الشَّرِّ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِ مَا سَأَلَكَ عَبْدُكَ وَنَبِيُّكَ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا عَاذَ بِهِ عَبْدُكَ وَنَبِيُّكَ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ، وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَعُوذُ بِكَ مِنْ النَّارِ، وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَسْأَلُكَ أَنْ تَجْعَلَ كُلَّ قَضَاءٍ قَضَيْتَهُ لِي خَيْرًا තේරුම: අහෝ දෙවිඳුනි! වර්තමානයේ හා ආනගතයේ සිදුවන මා නොදැන සිටි නමුත් ඔබ ඒ ගැන දැන සිටි සියලුම යහපත මම ඔබෙන් පතිමි. අහෝ දෙවිඳුනි! වර්තමානයේ හා ආනගතයේ සිදුවන මා නොදැන සිටි නමුත් ඔබ ඒ ගැන දැන සිටි සියලුම නපුරෙන් ආරක්ෂාව මම ඔබෙන් පතිමි. අහෝ දෙවිඳුනි! ඔබේ ගැත්තා මෙන්ම ඔබේ නබිවරයා ඔබෙන් පැතූ යහපත මම ද ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! ඔබේ ගැත්තා මෙන්ම ඔබේ නබිවරයා කවර කරුණකින් ආරක්ෂාව පැතුවේ ද එවන් නපුරෙන් ආරක්ෂාව මම ද ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! ස්වර්ගය ද ඒ වෙත සමීප කරවන වචනය හා ක්‍රියාව ද මම ඔබෙන් පතමි. එමෙන්ම නිරයෙන් ද ඒ වෙත සමීප කරන වචනයෙන් හා ක්‍රියාවෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. ඔබ මට තීන්දු කළ සෑම කටයුත්තක්ම යහපතක් බවටම පත් කරන මෙන් ද ඉල්ලමි.
Hadeeth details
දිරාපත් වී යන ඇඳුමක් දිරාපත් වී යනවාක් මෙන් ඊමාන් හෙවත් විශ්වාසය ඔබ අතරින් කෙනෙකුගේ හදවත තුළ දිරාපත් වී යු ඇත. එබැවින් ඔබේ හදවත් තුළ දේව විශ්වාසය අලුත් කරන මෙන් අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින්න...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "දිරාපත් වී යන ඇඳුමක් දිරාපත් වී යනවාක් මෙන් ඊමාන් හෙවත් විශ්වාසය ඔබ අතරින් කෙනෙකුගේ හදවත තුළ දිරාපත් වී යු ඇත. එබැවින් ඔබේ හදවත් තුළ දේව විශ්වාසය අලුත් කරන මෙන් අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින්න."
Hadeeth details
“අල්ලාහ් තම පරමාධිපති ලෙසත් ඉස්ලාමය තම දහම ලෙසත් මුහම්මද් තම දූතයාණන් ලෙසත් කවුරුන් පිළිගත්තේ ද ඔහු ඊමාන් නොහොත් විශ්වාසයේ සුවය වින්ඳේය.”...
අබ්බාස් ඉබ්නු අබ්දුල් මුත්තලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් මෙසේ ප්‍රකාශ කරන ලදී. “අල්ලාහ් තම පරමාධිපති ලෙසත් ඉස්ලාමය තම දහම ලෙසත් මුහම්මද් තම දූතයාණන් ලෙසත් කවුරුන් පිළිගත්තේ ද ඔහු ඊමාන් නොහොත් විශ්වාසයේ සුවය වින්ඳේය.”
Hadeeth details
සෑම සලාතයකට පසුවම 'අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික, වෂුක්රික, වහුස්නි ඉබාදතික.' (අහෝ අල්ලාහ් මා ඔබව සිහිපත් කිරීමටත් ඔබට කෘතඥ වීමටත් ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබම මට උදව් කරනු මැනව!) යනුවෙන් පැවසීම ඔබ අත් නොහරින්න.” යැයි පැවසූහ...
මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අත අල්ලා ගෙන “අහෝ මුආද්! අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම ඔබට ප්‍රිය කරමි. " යැයි පවසා තවදුරටත් "අහෝ මුආද්! මම ඔබට උපදෙස් දෙමි. සෑම සලාතයකට පසුවම 'අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික, වෂුක්රික, වහුස්නි ඉබාදතික.' (අහෝ අල්ලාහ් මා ඔබව සිහිපත් කිරීමටත් ඔබට කෘතඥ වීමටත් ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබම මට උදව් කරනු මැනව!) යනුවෙන් පැවසීම ඔබ අත් නොහරින්න.” යැයි පැවසූහ.
Hadeeth details
“ගැත්තා තම පරමාධිපතිට වඩාත් සමීපයෙන් සිටිනුයේ ඔහු සුජූද් කරමින් සිටියදීය. එහෙයින් (සුජූද් හි) නුඹලා අධික ලෙස ප්‍රාර්ථනා කරන්න.”...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ගැත්තා තම පරමාධිපතිට වඩාත් සමීපයෙන් සිටිනුයේ ඔහු සුජූද් කරමින් සිටියදීය. එහෙයින් (සුජූද් හි) නුඹලා අධික ලෙස ප්‍රාර්ථනා කරන්න.”
Hadeeth details
‹
1
2
...
22
23
24
25
26
27
28
29
30
31
›
Share
Use the QR code to easily share the message of Islam with others
Copy Link
copied!
අප සමඟ සම්බන්ධ වන්න
×
නම
විද්‍යුත් තැපැල
කෙටි පණිවුඩය
අප සමඟ සම්බන්ධ වන්න
×
ඔබ එවූ පණිවිඩයට ස්තූතියි. අල්ලාහ්ගේ කැමත්ත පරිදි අපගේ අවධානය ඒ වෙත යොමු කෙරේ.
Share