- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අනුගමනය කරමින් මෙම වදන් අඛණ්ඩව පිළිපැදිමින් කියවීම.
- දහම සම්බන්ධව ආරෝග්‍යමත්භාවය හා සුවය අල්ලාහ්ගෙන් පතන්නට මිනිසා නියෝග කරනු ලැබ ඇත්තාක් මෙන්ම ලෞකික කටයුතු සම්බන්ධයෙන් ද එසේ ඉල්ලා සිටීමට නියෝග කරනු ලැබ ඇත.
- අත්-තීබී තුමා මෙසේ පවසයි: දිශා හයම මෙහි ආවරණය වී කර ඇත. ඊට හේතුව අනුතුරු ඇති වනුයේ මෙම දිශාවන් හරහා වන බැවිනි. නමුත් පහළින් ඇතිවන දෑ සම්බන්ධව අතිශයෝක්තියෙන් පවසා ඇත්තේ ඉන් ඇතිවන හානිය අධික වන බැවිනි.
- උදෑසන කාලයේ අල්ලාහ්ව මෙනෙහි කරමින් ප්‍රාර්ථනා කිරීම වඩාත් උතුම් ය. එය ෆජ්ර් හෙවත් අලුයම් කාලයේ සිට හිරු උදාව දක්වා වූ දහවල් ආරම්භක කාලයයි. එමෙන්ම අසර් වේලාවෙන් පසු හිරු අවරට යාමට පෙර පවතින කාලයේ ද උතුම්ය. ඉන් පසු පාරායනය කළ ද එනම් හිරු උදාවෙන් පසු උදෑසන එය පාරායනය කළ ද වලංගු වන්නේය. ලුහර් වේලාවෙන් පසු එය පාරායනය කළ ද වලංගු වන්නේය. මග්රිබ් වේලාවෙන් පසුව ඒවා පාරායනය කළ ද වලංගු වන්නේය. ඒවා අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා වන වේලා වේ.
- සූරා අල්-බකරාහි අවසන් පාඨ දෙක පාරායනය කිරීම වැනි අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා නියම කරන ලද රාත්‍රි කාලය සම්බන්ධයෙන් පෙන්වා දෙන සාධක අවධාරණය කරනුයේ, හිරු අවරට යෑමෙන් පසු පවතින රාත්‍රී කාලයයි.