- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපතියාට යටත් වීම හා ඔහු වෙත තම අවංකභාවය පෙන්වීම සහ දෙවියන්ගෙන් එය ආයාචනා කර සිටිය යුතු බව තම සමූහයාට මග පෙන්වීම.
- දහම මත ස්ථාවරව හා ස්ථීරව සිටීමේ වැදගත්කම, සහ සැබැවින්ම වලංගුභාව ඇත්තේ අවසාන ප්‍රතිඵල අනුවය.
- ඉස්ලාම් දහම මත වන ස්ථාවරභාවය අල්ලාහ් තම ගැත්තාට තහවුරු කිරීමෙන් තොරව ඇසිපිය හෙළන මොහොතකටවත් ඔහුට ඔහුගෙන් ඈත්ව සිටිය නොහැක.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අනුගමනය කරමින්, අධික ලෙස ප්‍රාර්ථනා කිරීම සඳහා උනන්දු කරවීම.
- ඉස්ලාමය මත වන ස්ථාවරභාවය අතිමහත් ආශිර්වාදයකි. එය, ගැත්තා ඒ වෙත යුහුසුළු වීමට හා ඒ සඳහා ඔහුගේ පාලකයාට තුතිවන්ත වීමට ඇරයුම් කරයි.