- ප්‍රාර්ථනාවේ මහිමය: කවරෙකු අල්ලාහ්ගෙන් පතන්නේ ද ඔහු ඔහුව ගෞරවයට පත් කළ අයෙකි. සුවිශුද්ධයාණන් ස්වාධීන, පොහොසත් බව පිළිගත් අයෙකි. දුප්පතාගෙන් පතනු නො ලැබේ. සැබැවින්ම ඔහු සවන් දෙන්නාය. බිහිරාගෙන් පතනු නො ලැබේ. සැබැවින්ම ඔහු ත්‍යාගශීලීය. මසුරාගෙන් පතනු නොලැබේ. සැබැවින්ම ඔහු කාරුණිකය, දැඩි භාවය ඇත්තාගෙන් පතනු නො ලැබේ. සැබැවින්ම ඔහු බලවතාය. නොහැකි තැනැත්තාගෙන් පතනු නො ලැබේ. සැබැවින්ම ඔහු ඉතා සමීපය. දුරස්ව සිටින්නාගෙන් පතනු නොලැබේ. ශුද්ධ වූ අල්ලාහ්ට මෙවන් අලංකාර හා කීර්තිමත් වෙනත් ගුණාංග ද ඇත.