- අල්ලාහ් වෙනුවෙන් තමන් තැනැත්තෙකුට ආදරය කරන්නේ නම්, ඒ ගැන ඔහුට දන්වා සිටීම ආගමික කටයුත්තකි.
- අනිවාර්යය මෙන්ම අතිරේක සෑම සලාතයකින් පසුව මෙම ප්‍රාර්ථනාව උසුරීම සතුටුදායකය.
- ප්‍රාර්ථනාවේ ඇති මෙම කුඩා වචන තෙපලීමෙන් මෙලොව හා මතුලොව අපේක්ෂාවන් ඉෂ්ඨ සිද්ධ වේ.
- අල්ලාහ් විෂයයෙහි ආදරය කිරීමේ ප්‍රයෝජන අතරට සත්‍යය පිළිබඳ එකිනෙකාට උපදෙස් දීම, අනුශාසනා කිරීම යහපත හා දෙවියන් පිළිබඳ බිය ඇති කරන කටයුතුවල දී සහය දීම යනාදිය ඇතුළත් වේ.
- තීබී තුමා මෙසේ පවසයි: අල්ලාහ් සිහිපත් කිරීම හදවත විවෘත වීමේ පෙර නිමිත්තකි. ඔහුට ස්තුති කිරීම ආශීර්වාද ලබා ගැනීමේ මාධ්‍යයකි. නැමදුම් නිසි අයුරින් ඉටු කිරීම, දෙවියන්ගෙන් වෙනතකට යොමු කරන දැයින් දුරස් කරන්නකි.