- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ආඉෂා (රළියල්ලාහු අන්හා තුමියට ඉගැන් වූ පරිදි, පුද්ගලයකු තම පවුලට මෙලොව හා මතුලොව කටයුතු අතරින් තමන්ට ප්‍රයෝජනවත් වන දෑ ඉගැන්වීම.
- මුස්ලිම්වරයකුට වඩාත් උතුම් වනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් වාර්තා කරන ලද ප්‍රාර්ථනාවන් පිළිපදිමින් ප්‍රාර්ථනා කිරීමය. ඒවා කෙටි වදනින් සමන්විත වූ පුළුල් අර්ථ සහිත ප්‍රාර්ථනා එකතුවක් වන බැවිනි.
- මෙම හදීස් ගැන විද්වතුන් පවසා සිටිනුයේ: යහපත පැතීම, නපුරෙන් ආරක්ෂාව පැතීම යන කරුණු මෙම හදීසයේ ගොනු වී ඇති බවයි. මෙය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පිරිනමන ලද ජවාමිඋල් කලිම් හෙවත් පුළුල් අර්ථයෙන් යුත් කෙටි වදන් එකතුවකි.
- අල්ලාහ්ගේ කරුණාවෙන් පසු ස්වර්ගයට පිවිසීමට හේතු වනුයේ දැහැමි ක්‍රියාවන් හා දැහැමි ප්‍රකාශ වේ.