- මුවින් ආහාර පාන රස විඳින්නක් මෙන් ඊමාන් හෙවත් දේව විශ්වාසය සතුව හදවත සුවය විඳින මිහිරක් හා සුවයක් ඇත.
- ආහාර පාන වල මිහිර ශරීරය සුව විඳිනුයේ එය මනා සෞඛ්‍ය තත්ත්වයෙන් තිබෙන විට පමණි. එමෙන්ම හදවත නොමග හරින සුළු ආශාවන්ගෙන් හා තහනම් කරන ලද ඉච්ඡාවන්ගෙන් පිරිසිදු වූ විටෙක පමණය ඊමාන් හෙවත් දේවත්වය විශ්වාස කිරීමෙන් ලැබෙන සුවය ලබනුයේ. එය රෝගී වූ විටෙක, ඊමානයේ සුවය නොලබනු ඇත. ඒ වෙනුවට ඔහුව විනාශ කරන ආශාවන් හා පාපයන් ඒ තුළ වැළඳ ගන්නට බලනු ඇත.
- මිනිසා යම් කරුණක් පිළිගෙන, එහි යහපත පතන විටෙක එහි කටයුතු ඔහුට පහසු වනු ඇත. ඉන් කිසිවක් ඔහුට අපහසු වන්නේ නැත. ලැබෙන සෑම දෙයකින්ම ඔහු සතුටු වනු ඇත. හදවත එහි තිරයෙන් ස්පර්ශ වනු ඇත. එලෙසම, මුඃමින්වරයකුගේ හදවත තුළට දේව විශ්වාසය ප්‍රවේශ වූ විටෙක තම පරමාධිපතියාණන්ට අවනත වීම ඔහුට පහසු වන අතරම ඒ සඳහා මිහිරක් ඔහු ලබනු ඇත. ඒ සඳහා සහය දැක්වීමට ඔහුට දුෂ්කර නොවනු ඇත.
- ඉබ්නුල් කය්යුම් තුමා මෙසේ පවසයි: මෙම හදීසයේ අල්ලාහ්ගේ පරිපාලනත්වය ඔහුගේ දේවත්වය මෙන්ම දේව දුතයාන්ව පිළිගැනීම ඔහුට අවනත වීම, ඔහුගේ දහම පිළිගැනීම හා එයට අවනත වීම යනාදිය ඇතුළත් වී තිබෙන බව සළකන්න.