- මුස්ලිම්වරයකු අයදින ප්‍රාර්ථනාව ප්‍රතික්ෂේපයකින් තොරව පිළිගනු ලබන්නකි. නමුත් එයට ඇතැම් කොන්දේසි හා විනයන් අදාළ වේ. එබැවින් ගැත්තා අධික ලෙස ප්‍රාර්ථනා කළ යුතු අතර පිළිතුරු ලබන්නට ඉක්මන් නොවිය යුතුය.
- ප්‍රාර්ථනාවට පිළිතුරු බලාපොරොත්තු වීම අපේක්ෂිත දෑ සාක්ෂාත් කර ගැනීමට සීමා නොවේ. ඇතැම් විට ඔහුගේ ප්‍රාර්ථනාව වෙනුවට ඔහුගෙන් පාපකම් ඉවත් කරනු ලබනු ඇත. එසේ නැතහොත් ඒවා ඔහු වෙනුවෙන් මතුලොවෙහි රැස් කර තබනු ඇත.
- ඉබ්නු බාස් තුමා පවසා සිටිනුයේ, "නොපසුබස්නා උත්සාහය, අල්ලාහ් කෙරෙහි තබන යහපත් සිතුවිලි මෙන්ම බලාපොරොත්තු සුන්කර නො ගැනීම පිළිතුරක් සඳහා ඇති ශ්‍රේෂ්ඨතම හේතු වේ. පුද්ගලයකු නොකඩවා කන්නලව් කළ යුතුය. සර්වබලධාරී අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කර ගත යුතුය. සැබැවින්ම ඔහු සර්ව ප්‍රඥාවන්ත සහ සියල්ල දන්නා බව දැන සිටිය යුතුය. යම් ප්‍රඥාවක් නිසා එය ප්‍රමාද කළ හැකි අතර, අයදින්නාට ඔහු ඉල්ලා සිටි දෙයට වඩා හොඳ දෑ ලබා දිය හැකිය.