නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “මිනිසුන් අතරින් අල්ලාහ් වෙත වඩාත් කෝපයට ලක් ව...
සත්‍යයට යටත් නොවන, තම තර්කය තුළින් එය යටපත් කිරීමට බලන හෝ සත්‍යය ගෙන තර්ක කරන නමුත් වාදයේ අතිශයෝක්තිභාවයට ළඟා වන, යුක්තියේ සීමාවෙන් පිටත යන, දැනුමෙන්...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “මිනිසුන් අතරින් අල්ලාහ් වෙත වඩාත් කෝපයට ලක් වු තැනැත්තා අධික ලෙස වාද කරන තැනැත්තාය.”

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසා අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “මුස්ලිම්වරුන් දෙදෙනෙකු තම අසිපත්වලින් එකිනෙකා මුණ ගැසුණු විටෙක, ඝාතකයා සහ ඝාතනය කරනු ලැබූ තැනැත්තා යන දෙදෙනාම අපා ගින්නේ වෙති.” මම: ‘අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය ඝාතකයා සම්බන්ධයෙනි. නමුත් ඝාතනය කරනු ලැබූ තැනැත්තාගේ තත්ත්වය කුමක් ද?’ යැයි විමසා සිටියෙමි. එතුමා: “සැබැවින් ඔහු ද තම සගයා ඝාතනය කිරීමේ අපේක්ෂාවෙන් පසු විය.”

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අපට එරෙහි ව අවි එසෙව්වේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය."

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී: “මියගිය තැනැත්තන් හට දොස් නොකියනු. සැබැවින්ම ඔවුන් ඉදිරිපත් කළ දෑ වෙතට ඔවුන් ළඟා වී ඇත.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ අය්යූබ් අල් අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් ව්ර් තා කරන ලදී: “තම සහෝදරයාව රාත්‍රී තුනකට වඩා වෙන් කිරීම මුස්ලිම්වරයකුට අනුමත වන්නේ නැත. ඔවුන් දෙදෙනා එකිනෙකා මුණ ගැසී, ඔහුට මොහු පෙනෙයි. මොහුට ඔහු පෙනෙයි. ඔවුන් දෙදෙනාගෙන් උතුම් වනුයේ සලාම් මගින් ආරම්භ කරන තැනැත්තාය.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කවරෙකු තම හකු දෙක අතර ඇති දේ සහ ඔහුගේ කකුල් දෙක අතර ඇති දේ සහතික කරන්නේ ද මම ඔහුට ස්වර්ගය සහතික කරමි."

අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි: එතුමා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමඟ සටන් දොළහකට සහභාගී වූ අයකු වේ. හෙතෙම මෙසේ පැවසීය: මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් කරුණු හතරකට සවන් දී ඇත්තෙමි. එය මට පුදුමය දනවන්නක් විය. "කාන්තාවක් තම ස්වාමිපුරුෂයා හෝ මහ්රම් අයකු සමඟ හැර දින දෙකක දුර ගමනක් නොයා යුතුය. දින දෙකක උපවාසයේ නිරත නොවිය යුතුය. එනම්: අල්-ෆිත්ර් (උත්සව දින) සහ අල්-අළ්හා (උත්සව දින). සුබ්හු සලාතයෙන් පසු ඉර උදාවන තුරු හෝ අසර් සලාතයෙන් පසු ඉර බැස යන තුරු සලාතයක් නොකළ යුතුය. අල්-හරම් දේවස්ථානය, අල්-අක්සා දේවස්ථානය සහ මගේ මස්ජිදය (දේවස්ථානය) යන දේවස්ථාන තුනට හැර විශේෂ වන්දනා ගමනක් නොකළ යුතුය."

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උසාමා ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. "පිරිමින්ට මහත් හානිදායක අර්බුදයක් ලෙස කාන්තාවන්ට වඩා වෙනත් දෙයක් මගෙන් පසු ව මම ඉතිරි නොකළෙමි."

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සිටියෙමු. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "විවාහ දිවිය සඳහා කවරෙකුට ශක්තිය ඇත්තේ ද ඔහු විවාහ කර ගත යුතු වේ. සැබැවින්ම එය බැල්මට, වඩාත් ආරක්ෂාවක් වන අතරම ලිංගේන්ද්‍රියට ද වඩාත් රැකවරණයක් වන්නේය. කවරෙකුට හැකියාව නොමැත්තේ ද ඔහු උපවාසයේ නිරත විය යුතුය. සැබැවින්ම එය ඔහුට කාමය යටපත් කරන්නකි.”

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම මෙලොව මිහිරිය; හරිතය. සැබැවින්ම අල්ලාහ් එහි නුඹලා නියෝජිතයින් බවට පත් කරන්නාය. පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේදැ?යි ඔහු නිරීක්ෂණය කරයි. එබැවින් නුඹලා ලෝකය ගැන අල්ලාහ්ට බියවනු. කාන්තාවන් ගැන ද බියවනු. ඉස්රාඊල් දරුවන්ගේ අර්බූධ අතරින් පළමුවැන්න කාන්තාවන් විෂයයෙහි සිදු විය.”

මුආවිය්යා අල්-කුෂයිරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් යමෙකුගේ බිරිය සම්බන්ධයෙන් ඔහු මත පැවරෙන වගකීම කුමක් ද?" යැයි විමසුවෙමි. එතුමාණෝ, "ඔබ ආහාර ගත් විටෙක ඇයට ද ආහාර පිරිනැමිය යුතුය. ඔබ අඳින විටෙක හෝ උපයන විටෙක ඇයට ද අඳින්නට සැළැස්විය යුතුය. මුහුණට පහර නොදිය යුතුය. පිළිකුල් නො කළ යුතුය. නිවසේදී හැර (වෙනත් තැන්වල) ඇයව හෙළා නොදැකිය යුතුය."

අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හජ් අවුරුදු හෝ නෝම්බි අවුරුදු දිනක සලාත් ඉටු කරන ස්ථානය වෙත පිටත්ව ගියේය. පසුව එතුමා කාන්තාවන් අසළින් ගමන් ගත්තේය. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: “අහෝ කාන්තා සමූහයනි! නුඹලා දන් දෙන්න. සැබැවින්ම අපා ගින්නේ බහුතර පිරිසක් ලෙස මම නුඹලාව දකිමි.” යැයි පැවසූහ. එවිට ඔවුහු: 'අල්ලාහ්ගේ දූතයාණනි! එය කවර හේතුවක් නිසාවෙන් දැ?’යි විමසුවෝය. එතුමාණෝ: “නුඹලා අධික ලෙස ශාප කරන්නෙහුය. සැමියාට ගුණමකු වන්නෙහුය. නුවණැති පුරුෂයකුගේ අවබෝධය දුරු කළ හැකි කිසිවෙක් බුද්ධියෙන් හා ආගමෙන් හීන ඔබ අතරින් මා දැක නැත.” ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! අපගේ දහමෙහි හා බුද්ධියෙහි හීනභාවය කුමක් ද?” යැයි විමසා සිටියෝය. එතුමා: “කාන්තාවකගේ සාක්ෂිය පිරිමියකුගේ සාක්ෂියෙන් අඩක් මෙන් නොවන්නේද” එවිට ඔවුහු: ‘එසේය’ යැයි පැවසුවෝය. එතුමා: “එයයි ඇයගේ බුද්ධියේ හීනභාවය” යැයි පවසා සිටි අතර “ඇය ඔසප් තත්ත්වයට පත් වූ විට සලාත් ඉටු නොකරනවා නොවේ ද? උපවාසය අත්හැර දමනවා නොවේද” යැයි විමසූහ. ඔවුහු: ‘එසේය.’ යැයි පිළිතුරු දුන්නෝය. එතුමා: “එයයි ඇයගේ දහමේ පවතින භීනභාවය.” යැයි පැවසූහ.