- දෙවියන් පිළිබඳ භක්තිය පිළිපැදීමට උනන්දු කරවීම, මෙලොව මතුපිට දකින දෑ හා එහි අලංකාරයන්හි කාර්ය බහුල නොවීම.
- කාන්තාවන් දෙස බැලීම, පිටස්තර පිරිමින් සමග මුසුවීම ගැන සැළකිලිමත් නොවීම යනාදී ක්‍රියාකාරකම් තුළින් ඇතිවන කාන්තා අර්බූදයෙන් ආරක්ෂා වීම.
- මෙලොව පවතින බරපතලම අර්බූධය වනුයේ කාන්තා අර් බූධයයි.
- ඉකුත්ව ගිය පෙර සමූහයන්ගෙන් පාඩම් ලැබීම හා උපදෙස් ලැබීම; ඉස්රාඊල් දරුවන්ට සිදු වූ ඉරණම අනෙක් අයටත් ලැබෙනු ඇත.
- කාන්තාවන්ගේ අර්බූධය: ඇය භාර්යාවක් නම්, පුරුෂයාට දරාගත නොහැකි ප්‍රමාණයට වඩා වියදම් කිරීමෙන් සිදු විය හැක. ආගමික කටයුතු ගැන පවා සෙවීමෙන් ඔහුගේ අවධානය වෙනතකට යොමු කර, මෙලොව පසුපස හඹා යන තරමට ඔහු වෙහෙසට පත් කරවනු ඇත. ඇය පිටස්තර කාන්තාවක් නම්, එවිට ඇගේ අර්බුධය, මිනිසුන් මායම් කර ඔවුන් සත්‍යයයෙන් දුරස් කිරීමය. ඔවුන් බැහැරට ගොස් පිරිමින් සමඟ ඇසුරු කරන විට, විශේෂයෙන් ඔවුන් අලංකාරය ප්‍රදර්ශණය කරමින් ගමන් කරන විට සිදු වේ. මෙය කාමමිථ්‍යාචාරයේ විවිධ මට්ටම්වලට වැටීමට හේතු විය හැක. එහෙයින් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා අල්ලාහ්ව දැඩි සේ පිළිපැදිය යුතුය. ඔවුන්ගේ අර්බූධවලින් මිදීමට ඔහු වෙත යොමු වීමට තමන් ආශා කළ යුතුය.