- මහ්රම් කෙනෙකුගෙන් තොරව කාන්තාවක් ගමනක නිරත වීම සුදුසු නැත.
- 'ඇගේ ස්වාමි පුරුෂයා හෝ මහ්රම් අයකු සමග හැර' යනුවෙන් නබි තුමාණන් ප්රකාශ කර ඇති බැවින් ගමනක දී කාන්තාවක් තවත් කාන්තාවකට මහ්රම් වන්නේ නැත.
- ගමනක් ලෙස හඳුන්වනු ලබන සෑම ගමනකම කාන්තාවක් ස්වාමි පුරුෂයා හෝ මහ්රම් අයකුගෙන් තොරව පිටත්ව යෑම තහනම් කර ඇත. මෙම හදීසය ප්රශ්න කරන්නාගේ තත්ත්වය සහ ඔහු පදිංචි ස්ථානය මත පදනම් විය.
- කාන්තාවක් වෙනුවෙන් පෙනී සිටින මහ්රම් පුද්ගලයින් වනාහි, ඇගේ සැමියා, එසේ නැතහොත් සමීප ඥාතිත්වය හේතුවෙන් කවදත් විවාහ වීමට තහනම් වන පියා, පුතා, මාමා, මහප්පා හෝ බාප්පා, එසේත් නැතහොත් කිරි දී හදා වඩා ගැනීමෙන් ඇති වන පියා හා මාමා, එසේත් නැතහොත් විවාහ සම්බන්ධතාවෙන් ඇති වන සැමියාගේ පියා යනාදී අය වෙති. ඔහු විශ්වාසනීය වැඩිවියට පත් සිහිකල්පනාව ඇති මුස්ලිම්වරයකු විය යුතුය. මහ්රම් තැනැත්තකුගෙන් අපේක්ෂා කරනු ලබනුයේ කාන්තාවකගේ ආරක්ෂාව ඇයට හිමි විය යුතු රැකවරණය හා ඇගේ කටයුතු ක්රියාත්මක කිරීමය.
- ඉස්ලාමීය ෂරීආ නීතිය කාන්තාව ගැන සැළකිලිමත් වෙයි. එමෙන්ම ඇයව ආරක්ෂා කරන අතර ඇයට රැකවරණය සළසයි.
- ෆජ්ර් හා අසර් සලාතයෙන් පසු ව පොදුවේ සුන්නත් සලාත් ඉටු කිරීම සුදුසු නැත. මඟහැරුණු අනිවාර් යය සලාත් ඉටු කිරීම සහ තහය්යතුල් මස්ජිද් වැනි හේතු සාධක සහිත සලාත් ඉටු කිරීම මෙයට ඇතුලත් නොවේ.
- හිරු උදාවෙන් පසු වහාම සලාත් ඉටු කිරීම තහනම් වේ. නමුත් හීයක තරම් හිරු ඉහළට පැමිණිය යුතුය. ආසන්න වශයෙන් එය විනාඩි දහයේ සිට පැය කාලක් දක්වා වූ කාලයක් විය යුතුය.
- අසර් වේලාව හිරු අවරට යන තෙක් දීර්ග වෙයි.
- දේවස්ථාන තුනක් වෙත වන්දනාවේ යාමට අවසරය ඇත.
- (මෙම) දේවස්ථාන තුනෙහි මහිමය හා වෙනත් දේවස්ථානවලට වඩා ඒවායෙහි ඇති අමතර භාග්යයන්.
- කබ්ර් (මිනී වල දමන) ස්ථාන බැහැ දකිනු පිණිස, එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිනී වල වුව ද, වන්දනා ගමනක් ලෙස යාම සුදුසු නැත. මදීනාවේ සිටින අයට එය බැහැ දැකීමට අනුමත ඇත. එසේ නැතහොත් ආගමික හෝ අනුමත හේතුවක් සඳහා ඒ වෙත යා හැක.