- කාන්තාවන් අවුරුදු සලාතය සඳහා පිටත්ව යෑම හා ඔවුන් වෙනුවෙන් දේශනාව පැවත්වීම සතුටු දායකය.
- සැමියාට ගුණමකු වීම හා අධික ලෙස ශාප කිරීම මහා පාපකම් අතරින් එකකි. ඊට හේතුව මෙහි දී අපා ගින්න ගැන අවවාද කර තිබීම එය මහා පාපයක් බව පෙන්වීමේ සළකුණක් වන බැවිනි.
- මෙහි දී දේව විශ්වාසය අඩු වීම හා වැඩි වීම සම්බන්ධව විස්තර කෙරී ඇත. කවරෙකුගේ නැමදුම් අධික වූයේ ද ඔහුගේ විශ්වාසය හා ඔහුගේ දහම වර්ධනය වනු ඇත. කවරෙකුගේ නැමදුම් අඩු වූයේ ද ඔහුගේ දහම ද හීන වී යනු ඇත.
- නවවි තුමා මෙසේ පවසයි: "වර්ධනය හා හීනභාවය ගැන බුද්ධිය පිළිගන්නාක් මෙන්ම දේව විශ්වාසය ද එලෙසමය. කාන්තාවන් තුළ ඇති හීන භාවය මෙනෙහි කිරීමෙන් ඒ සඳහා ඔවුනට දොස් නැගීම මෙහි දී අපේක්ෂා නොකෙරේ. සැබැවින්ම එය මැවීමේ මූල ස්වභාවයයි. ඒ ගැන පවතින අවවාදය, ඔවුනට අර්බුධ ඇති වීම ගැන වූ අනතුරු ඇඟවීමකි. එබැවින් දඬුවම පෙළ ගැසෙනුයේ සඳහන් කරනු ලැබූ ගුණමකුභාවය හා වෙනත් දෑ හේතුවෙන් මිස හීනභාවය මත නොවේ. එමෙන්ම කෙනෙක් තුළ දහමේ පවතින හීනභාවය පාපයට හේතුවන දෑට පමණක් සීමා වන්නේ නැති අතර එය ඊට වඩා පොදු බව මතයක් ගනී.
- දැනුම හදාරන්නා දැනුමැත්තාගෙන් හා අනුගාමිකයා අනුගමනය කරනු ලබන්නාගෙන් ඔහුට එහි අර්ථය පැහැදිලි නොවන්නේ නම්, පවසන ලද දෑ පිළිබඳ සමාලෝචනය කළ යුතු වේ.
- සැබැවින්ම කාන්තාවකගේ සාක්ෂිය පිරිමියාගේ සාක්ෂියේ අඩකි. එය ඇයගේ ධාරණ හැකියාව හීන වන බැවිනි.
- “බුද්ධියෙන් හා ආගමෙන් හීන ඔබ අතරින් මා දැක නැත." යන ප්‍රකාශය සම්බන්ධයෙන් ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: "මට මෙයින් පෙනී යන්නේ අපා වාසීන්ගෙන් බහුතරයක් දෙනා ලෙස ඔවුන් පත්වීමට සමස්ථ හේතුව නම් 'බුද්ධිමත් මිනිසෙකුගේ බුද්ධිය අවශ්‍ය නොවන දෑ කරන හා කියන තරම පහ කිරීම සඳහා ඔවුන් හේතුවක් බවට පත්වන බැවිනි.' පාපය තුළ ඔවුන් ඔහුට හවුල්කරුවන් වන අතරම එය වර්ධනය කරති."
- කාන්තාවක් ඔසප් තත්ත්වයේ පසුවන කාලය තුළ සලාත් ඉටු කිරීම හා උපවාසයේ නිරත වීම තහනම් වේ. එමෙන්ම දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය වන කාන්තාවන්ගේ තත්ත්වය ද එලෙසමය. ඔවුන් පිරිසිදුභාවයට පත් වූ පසු පමණක් අත පසුව උපවාසය නැවත ඉටු කළ යුතු වේ.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යහපත් ගතිගුණ නම්, කාන්තාවන් ඇසූ ප්‍රශ්නවලට දොස් නැගීමෙන් තොරව හා අහංකාරයෙන් තොරව එතුමාණෝ පිළිතුරු සැපයූහ.
- ඉබ්නු හජර් තුමා මෙසේ පැවසීය. "සැබැවින්ම සදකා හෙවත් දානය දඬුවම වළක්වනු ඇත. සැබැවින්ම එය මැවීම් අතර සිදුවන පාපකම්වලට ප්‍රතිකර්මයක් වනු ඇත."
- නවවි තුමා මෙසේ පැවසීය. "කාන්තාවන් තුළ ආගමේ හීනභාවය ඇති වනුයේ, ඔවුන් ඔසප් කාලය තුළ සලාතය හා උපවාසය අත්හරින බැවිනි. කවරෙකු අධිකව නැමදුම් ඉටු කරන්නේ ද ඔහුගේ දේව විශ්වාසය හා ඔහුගේ දහම වර්ධනය වනු ඇත. කවරෙකු තම නැමදුම්හි අඩුපාඩු ඇති කරන්නේ ද ඔහුගේ දහමෙහි ද අඩුපාඩු ඇති වනු ඇත. ආගම හීන භාවයට පත්වීම යනු ඇතැම් විට එය පාපයක් වන ආකාරයෙන් පිහිටයි. එය යමෙකු සලාතය හෝ උපවාසය හෝ ඔහුට අනිවාර්යය කරන වෙනත් නැමදුම් අතරින් කිසිවක් හෝ කිසිදු හේතුවකින් තොරව අත්හරින කෙනෙකු මෙනි. ඇතැම් විට පාපයක් නොවන ආකාරයෙන් පිහිටයි. එය ජුමුආව හෝ යුද්ධ කිරීම හෝ ඔහුට අනිවාර්යය නොවන දෙයක් කිසිදු හේතුවකින් තොරව අත්හරින කෙනෙකු මෙනි. ඇතැම් විට බලකෙරෙන අයුරින් පිහිටනු ඇත. එය ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවක් සලාතය හා උපවාසය අත්හරින්නාක් මෙනි."