- තම සිතින් පව් කිරීමට අධිෂ්ඨාන කරගෙන එයට හේතු වූ අයට දඬුවම් ලැබීමේ අයිතිය.
- දෙවියන්ට අවනත වන මුස්ලිම්වරුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ දැඩි අවවාදය හා ඔහුට අපා ගින්න හිමි වන බව පවසා අනතුරු ඇඟවීම.
- නිත්‍යානුකූල සාධාරණ හේතුවක් මත මුස්ලිම්වරුන් අතර ඝාතනයක් සිදු වූයේ නම්, එය එම අවවාදය තුළට ඇතුළත් වන්නේ නැත. උදාහරණයක් ලෙස සීමාව ඉක්මවා ගිය අපරාධකරුවන් හා දුෂ්ඨයින්ට මරණ දඬුවම පැනවීම පෙන්වා දිය හැක.
- මහා පාපයක් සිදු කරන්නා එය කළ වහාම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු වන්නේ නැත. මක්නිසාද යත්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි සටන් කරුවන් මුස්ලිම්වරුන් ලෙස නම් කර ඇති බැවිනි.
- මුස්ලිම්වරුන් දෙදෙනෙකු කවර හෝ මාධ්‍යයකින් එකිනෙකා මුණ ගැසී ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් අනෙකා ඝාතනය කළේ නම්, ඝාතකයා හා ඝාතනය කරනු ලැබූ තැනැත්තා යන දෙදෙනාම අපා ගින්නේ වෙති. මෙම හදීසයේ අසිපත් යැයි සඳහන් කර ඇත්තේ උදාහණයක් ලෙස පමණය.