මුල් පිටුව
අප ගැන
si
العربية - عربي
English - إنجليزي
español - إسباني
português - برتغالي
Kiswahili - سواحيلي
Français - فرنسي
Русский - روسي
اردو - أردو
italiano - إيطالي
Türkçe - تركي
አማርኛ - أمهري
ไทย - تايلندي
සිංහල - سنهالي
Wikang Tagalog - فلبيني تجالوج
Tiếng Việt - فيتنامي
नेपाली - نيبالي
Hausa - هوسا
Wollof - ولوف
বাংলা - بنغالي
ئۇيغۇرچە - أيغوري
অসমীয়া - آسامي
فارسی - فارسي
فارسی دری - دري
azərbaycanca - أذري
Ўзбек - أوزبكي
Deutsch - ألماني
Shqip - ألباني
فلبيني مرناو - فلبيني مرناو
български - بلغاري
ဗမာ - بورمي
bosanski - بوسني
polski - بولندي
தமிழ் - تاميلي
татар теле - تتاري
română - روماني
svenska - سويدي
нохчийн мотт - شيشاني
Soomaali - صومالي
тоҷикӣ - طاجيكي
Pulaar - فولاني
कश्मीरी - كشميري
한국어 - كوري
македонски - مقدوني
bahasa Melayu - ملايو
മലയാളം - مليالم
magyar - هنجاري مجري
हिन्दी - هندي
Èdè Yorùbá - يوربا
ελληνικά - يوناني
қазақ тілі - كازاخي
עברית - عبري
中文 - صيني
Bahasa Indonesia - إندونيسي
dansk - دنماركي
پښتو - بشتو
أنكو - أنكو
Luganda - لوغندي
తెలుగు - تلقو
日本語 - ياباني
ትግርኛ - تجريني
Кыргызча - قرغيزي
Kurdî - كردي
Nederlands - هولندي
čeština - تشيكي
українська - أوكراني
eesti - إستوني
suomi - فنلندي
Адыгэбзэ - شركسي
Norwegian - نرويجي
ქართული - جورجي
tamashaq - طارقي
ދިވެހި - ديفهي
slovenčina - سلوفاكي
Türkmençe - تركماني
башҡорт теле - بلوشي
afaan oromoo - أورومو
ភាសាខ្មែរ - خميرية
ಕನ್ನಡ - كنادي
Bassa - الباسا
Lingala - لينغالا
lietuvių - ليتواني
bamanankan - بامبارا
Soninke - سوننكي
Malagasy - ملاغاشي
Mandinka - مندنكا
Sängö - سانجو
Српски - صربي
Afaraf - عفري
Kinyarwanda - كينيارواندا
Jóola - جوالا
Bi zimanê Kurdî - كردي كرمنجي
Akan - أكاني
Chichewa - شيشيوا
ગુજરાતી - غوجاراتية
Mõõré - موري
créole - كريولي
ພາສາລາວ - لاو
මුල් පිටුව
අප ගැන
Contact Us
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සිසිලස...
සිසිල් අවස්ථාවන් දෙකෙහි කරනු ලබන සලාතයන් උනන්දුවෙන් ඉටු කළ යුතු බවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරි ගැන්වීම. එනම් ෆජ්ර් හා අසර් යන සලාත්...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජුන්ද් ඉබ්නු අබ්දුල්ලාහ් අල්-කසරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කව...
කවරෙකු සුබ්හ් සලාතය ඉටු කළේ ද ඔහු අල්ලාහ්ගේ වගකීම, රැකවරණය හා ආරක්ෂාව තුළ සිටින බවත්, ඔහු ව අල්ලාහ් ආරක්ෂා කොට ඔහුට උදව් කරන බවත් නබි (සල්ලල්ලාහු අලයි...
බුරයිදා ඉබ්නු අල් හසීබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අසර් සලාතය යුහුසුළුව ඉටු කරන්න. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණ...
අසර් සලාතය නියමිත වේලාවෙන් ඔබ්බට හිතාමතාම ප්‍රමාද කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අනතුරු ඇඟවූ අතර, එය කරන තැනැත්තා වලංගු නොවන අතර ඔහු...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. කවරෙකුට සලාතයක් අමතක වූයේ...
සලාතයේ වේලාව අතපසු වී යන තෙක්ම අනිවාර්යය සලාතය ඉටු කිරීමට අමතක වූ තැනැත්තා එය මතක් වූ වහාම එය ඉටු කිරීමට ඉක්මන් විය යුතු බවත් යුහුසුළු විය යුතු බවත් න...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කුහකයින්හට වඩාත...
කුහකයින් ගැන හා ඔවුන් සලාතයට සහභාගී වීමේ දී විශේෂයෙන් ඉෂා හා ෆජ්ර් සලාත් දෙකට සහභාගී වීමේ දී ඔවුන් දක්වන මැලිකම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තු...
සිසිලස දෙන අවස්ථාවන් දෙකෙහි සලාත් ඉටු කරන්නා ස්වර්ගයට පිවිසිය
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සිසිලස දෙන අවස්ථාවන් දෙකෙහි සලාත් ඉටු කරන්නා ස්වර්ගයට පිවිසිය."
Hadeeth details
“කවරෙකු සුබ්හ් සලාතය ඉටු කළේද ඔහු අල්ලාහ්ගේ වගකීම තුළ වෙයි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජුන්ද් ඉබ්නු අබ්දුල්ලාහ් අල්-කසරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු සුබ්හ් සලාතය ඉටු කළේද ඔහු අල්ලාහ්ගේ වගකීම තුළ වෙයි. ඔහුගේ වගකීම තුළ පවතින කිසිවක් ගැන අල්ලාහ් ඔබෙන් ප්‍රශ්න කරන්නේ නැත. ඔහුගේ වගකීම තුළ පවතින යමක් සම්බන්ධයෙන් ඔහු කවරෙකුගෙන් ප්‍රශ්න කර සිටියේ ද ඔහු ඔහුව ග්‍රහණය කර මුණින් අත පෙරළා අපා ගින්නට ඇදගෙන යනු ඇත.”
Hadeeth details
කවරෙකු අසර් සලාතය මග හැරියේ ද සැබැවින්ම ඔහුගේ කටයුතු නිෂ්ඵල විය.”යැයි පැවසුහ
බුරයිදා ඉබ්නු අල් හසීබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අසර් සලාතය යුහුසුළුව ඉටු කරන්න. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ “කවරෙකු අසර් සලාතය මග හැරියේ ද සැබැවින්ම ඔහුගේ කටයුතු නිෂ්ඵල විය.”යැයි පැවසුහ.
Hadeeth details
කවරෙකුට සලාතයක් අමතක වූයේ ද පසුව ඔහුට එය මතක් වූ විට ඔහු එය ඉටු කළ යුතුය. එයට එය හැර වෙනත් ප්‍රතිකර්මයක් නැත...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. කවරෙකුට සලාතයක් අමතක වූයේ ද පසුව ඔහුට එය මතක් වූ විට ඔහු එය ඉටු කළ යුතුය. එයට එය හැර වෙනත් ප්‍රතිකර්මයක් නැත. "මා සිහිපත් කරනු පිණිස සලාතය ඉටු කරනු" (තාහා: 14)
Hadeeth details
“කුහකයින්හට වඩාත් අසීරු සලාතය වනුයේ ඉෂා සලාතය හා ෆජ්ර් සලාතයයි. ඒ දෙකෙහි ඇති මහිමය ඔවුහු දැන ගන්නෙහු නම්, ඒ දෙක වෙත දණගසමින් හෝ පැමිණෙනු ඇත...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කුහකයින්හට වඩාත් අසීරු සලාතය වනුයේ ඉෂා සලාතය හා ෆජ්ර් සලාතයයි. ඒ දෙකෙහි ඇති මහිමය ඔවුහු දැන ගන්නෙහු නම්, ඒ දෙක වෙත දණගසමින් හෝ පැමිණෙනු ඇත. සැබැවින්ම මම සලාතය සඳහා නියෝග කොට, ඒ සඳහා ඉකාමත් කියනු ලැබ, පසුව ජනයාට සලාතය මෙහෙයවනු පිණිස මිනිසෙකුට නියෝග කොට, පසුව දර මිටි දරාගත් මිනිසුන් මා සමග සලාතයට සහභාගී නොවූ පිරිස වෙත ගමන් කර, ඔවුන්ගේ නිවෙස් ඔවුන් සමග ගින්නෙන් පුළුස්සා ලීමට සිතමි.”
Hadeeth details
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රුකූඋහි සිට එතුමාණන්ගේ පිට ඔසවා ගත් විට "සමිඅල්ලාහු ලිමන් හමිදා'...
ඉබ්නු අබී අව්ෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රුකූඋහි සිට එතුමාණන්ගේ පිට ඔසවා ගත් විට "සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පවසා 'අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු මිල්අස් සමාවාති වමිල්අල් අර්ළි වමිල්අ මා ෂිඃත මින් ෂෙයිඉන් බඃද්" යැයි පවසයි.
Hadeeth details
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සජදා දෙක අතර "රබ්බි-ග්ෆිර්ලී රබ්බි-ග්ෆිර්ලී" යනුවෙන් පවසයි...
හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සජදා දෙක අතර "රබ්බි-ග්ෆිර්ලී රබ්බි-ග්ෆිර්ලී" යනුවෙන් පවසයි.
Hadeeth details
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සජදා දෙක අතර: “අල්ලාහුම්ම-ග්ෆිර්ලී වර්හම්නී, වආෆිනී, වහ්දිනී, වර්සුක්නී - යා අල්ලාහ් මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව! මට සුවය ලබා දෙනු මැනව! මට මග පෙන්වනු මැනව! මට පෝෂණ සම්පත් පිරිනමනු මැනව!-” යන...
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සජදා දෙක අතර: “අල්ලාහුම්ම-ග්ෆිර්ලී වර්හම්නී, වආෆිනී, වහ්දිනී, වර්සුක්නී - යා අල්ලාහ් මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව! මට සුවය ලබා දෙනු මැනව! මට මග පෙන්වනු මැනව! මට පෝෂණ සම්පත් පිරිනමනු මැනව!-” යනුවෙන් පවසා සිටියහ.
Hadeeth details
නුඹලා සලාතය ඉටු කරන විට, නුඹලාගේ පේළී කෙළින් සකසා ගන්න. පසුව ඔබ අතරින් කිසිවෙකු හෝ එය මෙහයවීම සඳහා පත් කර ගන්න. ඔහු අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට, නුඹලා ද තක්බීර් පවසන්න...
හිත්තාන් ඉබ්නු අබ්දුල්ලාහ් අර්-රකාෂී විසින් වාර්තා කරන ලදී. මම අබූ මූසා අල්-අෂ්අරී සමග සලාතයක් ඉටු කළෙමි. හෙතෙම වාඩි වී සිටි අවස්ථාවේ එම පිරිස අතරින් මිනිසෙකු: "උපකාරය හා සකාතය සලාතය සමග සම්බන්ධ කෙරී ඇත' යැයි පැවසීය. අබූ මූසා සලාතය නිමා කොට හැරුණු විට, ඔහු: 'ඔබ අතරින් මේ මේ වචන ප්‍රකාශ කර සිටියේ කවුරුන්දැ?'යි විමසා සිටියේය. පිරිස නිහඬව සිටියේය. පසුව නැවතත් 'ඔබ අතරින් මේ මේ වචන ප්‍රකාශ කර සිටියේ කවුරුන්දැ?'යි විමසා සිටියේය. එවිටත් පිරිස නිහඬව සිටියේය. ඔහු: 'හිත්තාන් ඔබ වෙන්නැති එය ප්‍රකාශ කර සිටියේ!!' යැයි පැවසීය. එවිට ඔහු: එමගින් මා අමාරුවේ දමනු ඇතැයි සැබැවින්ම මම බිය වූයෙමි. එවිට එම පිරිස අතරින් මිනිසෙකු: 'එය පවසා සිටියේ මමයි. යහපත මිස වෙන කිසිවක් එමගින් මා බලාපොරොත්තු නොවූයෙමි.' යැයි කීය. එවිට අබූ මූසා: 'නුඹලාගේ සලාතයේදී නුඹලා කුමක් පවසා සිටිය යුතු දැයි නුඹලා නොදන්නෙහු ද? සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් අපට දේශනයක් පවත්වා අපගේ පිළිවෙත් අපට පැහැදිලි කළහ. අපගේ සලාතය අපට ඉගැන්වූහ. එමෙන්ම එතුමාණෝ මෙසේ පවසා සිටියහ.' "නුඹලා සලාතය ඉටු කරන විට, නුඹලාගේ පේළී කෙළින් සකසා ගන්න. පසුව ඔබ අතරින් කිසිවෙකු හෝ එය මෙහයවීම සඳහා පත් කර ගන්න. ඔහු අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට, නුඹලා ද තක්බීර් පවසන්න. ඔහු "ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල්ළාල්ලීන්" (අල්-ෆාතිහා: 7) පැවසූ විට, නුඹලා 'ආමීන්' යැයි පවසන්න. අල්ලාහ් නුඹලාට පිළිතුරු දෙනු ඇත. ඔහු තක්බීර් පවසා රුකූඋ කළ විට නුඹලා ද තක්බීර් පවසා රුකූඋ කරන්න. සැබැවින්ම ඉමාම් නුඹලාට පෙර රුකූඋ කරයි. නුඹලාට පෙර ඉහළට පැමිණෙයි." තවදුරටත් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "එය ඒ අයුරින් විය යුත්තකි.' යැයි පැවසූහ. ඔහු 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පැවසූ විට නුඹලා 'අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු' යැයි පවසන්න. නුඹලා වෙනුවෙන් අල්ලාහ් සවන් දෙනු ඇත. සැබැවින්ම තමන්ට ප්‍රශංසා කරන්නාට අල්ලාහ් සවන් දෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මුවින් දන්වා ඇත. ඔහු තක්බීර් පවසා සුජූද් කළ විට නුඹලා ද තක්බීර් පවසා සුජූද් කරන්න. සැබැවින්ම ඉමාම් නුඹලාට පෙර සුජූද් කරයි. නුඹලාට පෙර ඉන් ඉහළට පැමිණෙයි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් එය එමගින්ම විය යුතුය. ඉඳුමෙහි සිටින විට නුඹලා අතරින් කිසිවකු පවසන පළමු ප්‍රකාශ විය යුත්තේ "අත්-තහිය්යාතුත් තය්යිබාතුස් සලවාතු ලිල්ලාහි, අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්. අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" යන්නයි.
Hadeeth details
අල් කුර් ආනයේ සූරාවක් මට උගන්වනවාක් මෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට තෂහ්හුද් ඉගැන් වූහ...
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අල් කුර් ආනයේ සූරාවක් මට උගන්වනවාක් මෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට තෂහ්හුද් ඉගැන් වූහ. - එවිට මාගේ අත එතුමාණන්ගේ අත් දෙක අතර විය.- එනම්: "අත්තහයියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්, අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" යන්නෙනි. තවත් ප්‍රකාශයක: "සැබැවින්ම අල්ලාහ් ශාන්තිය වේ යැයි පවසා නුඹලා අතරින් කිසිවකු හෝ සලාතයේදී වාඩි වූ විටෙක, ඔහු මෙසේ පැවසිය යුතුයි: "අත්තහයියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්" -ඔහු එය පැවසූ විටෙක, අහස්හි හා මහපොළොවේ සිටින සෑම දැහැමි ගැත්තෙකුහටම එය හිමි වනු ඇත.- අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" පසුව ඔහු කැමති දේ ඉල්ලීම සඳහා ඔහුට නිදහස ලබයි.
Hadeeth details
අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් අදාබිල් කබ්රි, වමින් අදාබින් නාරි, වමින් ෆිත්නතිල් මහ්යා වල් මමාති, වමින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්...
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් අදාබිල් කබ්රි, වමින් අදාබින් නාරි, වමින් ෆිත්නතිල් මහ්යා වල් මමාති, වමින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්" යනුවෙන් ප්‍රාර්ථනා කළහ. මුස්ලිම්හි එන වාර්තාවක “නුඹලා කිසිවකු හෝ (සලාතයෙහි) අත්තහිය්යාත්හි තෂහ්හුද් පවසා අවසන් කළ විට කරුණු හතරක් ගැන අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතිය යුතුය. එනම්, අපා ගින්නේ දඬුවමින්, මිනීවලෙහි වේදනාවෙන්, ජීවිතය හා මරණයේ අර්බූධයෙන් හා මසීහුද් දජ්ජාල්ගේ නපුරෙන් වන ආරක්ෂාවයි."
Hadeeth details
ඔබ බොහෝ සෙයින් සුජූද් කළ යුතුය. හේතුව සැබැවින්ම ඔබ අල්ලාහ් වෙනුවෙන් සුජූදයක් කළ විට, අල්ලාහ් එමගින් ඔබව තරාතිරමකින් උසස් කරවා එමගින් පාපයක් ඔබෙන් මකා දමනු ඇත...
මඃදාන් ඉබ්නු අබී තල්හා අල්-යඃමරී විසින් මෙසේ වාර්තා කරන ලදී: මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ සේවකයකු වූ සව්බාන් තුමාව මුණ ගැසී 'මම යමක් කරන විට ඒ හේතුවෙන් අල්ලාහ් මා ස්වර්ගයට ඇතුළත් කරන ක්‍රියාවක් මට දන්වා සිටින්නැ'යි පවසා සිටියෙමි. 'එසේ නැතහොත් අල්ලාහ් වෙත වඩාත් ප්‍රියමනාප ක්‍රියාව මට දන්වා සිටින්නැයි' මම පවසා සිටියෙමි. එවිට එතුමා නිහඬව සිටියේය. පසුව නැවතත් ඒ ගැන විමසුවෙමි. එවිට ද හෙතෙම නිහඬව සිටියේය. පසුව තුන්වන වරටත් මම විමසා සිටියෙමි. එවිට එතුමා මෙසේ පැවසීය: 'අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි.' එනම්: “ඔබ බොහෝ සෙයින් සුජූද් කළ යුතුය. හේතුව සැබැවින්ම ඔබ අල්ලාහ් වෙනුවෙන් සුජූදයක් කළ විට, අල්ලාහ් එමගින් ඔබව තරාතිරමකින් උසස් කරවා එමගින් පාපයක් ඔබෙන් මකා දමනු ඇත." මඃදාන් තුමා මෙසේ පැවසීය: මම අබූ දර්දා තුමාව ද මුණ ගැසී ඒ ගැන විමසා සිටියෙමි. එවිට එතුමා ද සව්බාන් තුමා මට පවසා සිටි දෑම මට පවසා සිටියේය.
Hadeeth details
‹
1
2
...
11
12
13
14
15
16
17
...
30
31
›
Share
Use the QR code to easily share the message of Islam with others
Copy Link
copied!
අප සමඟ සම්බන්ධ වන්න
×
නම
විද්යුත් තැපැල
කෙටි පණිවුඩය
අප සමඟ සම්බන්ධ වන්න
×
ඔබ එවූ පණිවිඩයට ස්තූතියි. අල්ලාහ්ගේ කැමත්ත පරිදි අපගේ අවධානය ඒ වෙත යොමු කෙරේ.
Share