- මෙම තෂහ්හුදය පවසන ස්ථානය සෑම සලාතයක අවසන් සුජූදයෙන් පසුව හා රකආත් තුනක හා හතරක සලාතයකම දෙවැනි රකආතයේ ය.
- තෂහ්හුද්හි අත්තහය්යාත් පැවසීම අනිවාර්යය වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සහතික කළ තෂහ්හුද් ප්‍රකාශ අතරින් ඕනෑම තෂහ්හුදයක් පැවසීමට මෙහි අවසරය ඇත.
- සලාතය තුළ පාපයක් නොවන තමන් ප්‍රිය කරන ඕනෑම පැතුමක් පතන්නට අවසරය ඇත.
- ප්‍රාර්ථනාවේ දී තමන් ගැන පවසමින් ප්‍රාර්ථනාව ආරම්භ කිරීම සතුටු දායකය.