- ෆජ්ර් හා අසර් සලාත් අවධානයෙන් ඉටු කිරීමේ මහිම ය. සැබැවින්ම ෆජ්ර් සලාතය සැපට නින්ද යන අවස්ථාවේ පිහිටා ඇති අතර අසර් සලාතය මිනිසා තම වැඩකටයුතු සඳහා නිරතවන අවස්ථාවේ පිහිටා ඇත. එහෙයින් කවරෙකු ඒ දෙක අවධානයෙන් ඉටු කළේ ද එය සෙසු සලාතයන් සඳහා අවධානය යොමු කිරීමට වඩා වැදගත් වන්නේය.
- ෆජ්ර් හා අසර් සලාතයන් "අල්-බර්දයින්" සිසිල් අවස්ථාවන් දෙක යැයි නම් කර ඇත්තේ, ඇත්තෙන්ම ෆජ්ර් සලාතය පිහිටා ඇත්තේ රාත්‍රියේ සිසල පවතින වේලාවේය. අසර් සලාතය පිහිටා ඇත්තේ දහවලේ සිසිල පවතින වේලාවේය. එය උණුසුම් වේලාවක වුව ද ඊට පෙර වේලාවේ පැවති උණුසුමට වඩා අඩු ය. එසේ නැතහොත් හිරුට හා සදුට, සඳු දෙකක් යැයි පවසනු ලබන්නාක් මෙන් අබිබවනය යන විෂය යටතේ නම් කර තිබෙන්නට පුළුවන.