- සලාතය ඉටු කරන්නා රුකූඋ ඉරියව්වෙන් නැගිටින විට එහි පැවසීමට වැදගත් වන දෑ විස්තර කිරීම.
- රුකූඋ ඉරියව්වෙන් හිස එසවීමෙන් පසු ඉඃතිදාලය හා එහි මද වේලාවක් තැන්පත් වීම ආගමානුගත කරන ලද්දකි. හේතුව මෙම දික්රය ඉඃතිදාලයට පැමිණ මද වේලාවක් රැඳී සිටීමෙන් තොරව පැවසිය හැකි නොවන බැවිනි.
- අනිවාර්යය සලාතයක් හෝ වේවා සුන්නා සලාතයක් හෝ වේවා සියලුම සලාත්වල දී මෙම සිහිකිරීම පැවසීම ආගමානුගත කරන ඇත.