ශුද්ධ අල් කුර්ආනය

Share

{අහෝ දේවත්වය විශ්වාස කළවුනි! අල්ලාහ්ගේ සලකුණුවලට හෝ පිවිතුරු පාරිශුද්ධ මාසවලට හෝ (කැප කිරීම් වෙනුවෙන්) වෙන් කළ සතුන්ට හෝ (ඒ සඳහා සලකුණු ලෙස) ගෙලමාල පැලැන්ඳ වූ සතුන්ට හෝ තම පරමාධිපතිගේ භාග්‍යය හා තෘප්තිය අපේක්ෂාවෙන් පිවිතුරු නිවසට අභයදායීව පැමිණෙන්නන්ට හෝ (හිරිහැර හා නින්දා කිරීම) නුඹලා අනුමත කර නො ගනු. තවද නුඹලා ඉහ්රාමය ඉවත් කර දැමුවේ නම් එවිට නුඹලා දඩයම් කර ගනු. ශුද්ධ දේවස්ථානයෙන් නුඹලාට අවහිර කළ පිරිසකගේ ක්‍රෝධය නුඹලා (ඔවුන් වෙත) සීමාව ඉක්මවා කටයුතු කිරීමට නුඹලාව පොළඹවිය නො යුතු ය. තවද යහපතට හා බිය බැතිමත්කමට නුඹලා එකිනෙකා උදව් කර ගනු. පාපයට හා සතුරුකමට නුඹලා එකිනෙකා උදව් නො කරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින් ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි ය.} (සූරා අල්-මාඉදා : 2).
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُحِلُّواْ شَعَٰٓئِرَ ٱللَّهِ وَلَا ٱلشَّهۡرَ ٱلۡحَرَامَ وَلَا ٱلۡهَدۡيَ وَلَا ٱلۡقَلَٰٓئِدَ وَلَآ ءَآمِّينَ ٱلۡبَيۡتَ ٱلۡحَرَامَ يَبۡتَغُونَ فَضۡلٗا مِّن رَّبِّهِمۡ وَرِضۡوَٰنٗاۚ وَإِذَا حَلَلۡتُمۡ فَٱصۡطَادُواْۚ وَلَا يَجۡرِمَنَّكُمۡ شَنَـَٔانُ قَوۡمٍ أَن صَدُّوكُمۡ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ أَن تَعۡتَدُواْۘ وَتَعَاوَنُواْ عَلَى ٱلۡبِرِّ وَٱلتَّقۡوَىٰۖ وَلَا تَعَاوَنُواْ عَلَى ٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِۚ وَٱتَّقُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ
{අහෝ දේවත්වය විශ්වාස කළවුනි! (නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී) නුඹලාගේ අත්වලට හා නුඹලාගේ හීවලට පහසුවෙන් හසු වන දඬයම් සතෙකුගෙන් අල්ලාහ් නුඹලාව පිරික්සුමට ලක් කරනු ඇත. එය තමන් ඉදිරියේ නො සිටිය දී කවරෙකු තමන්ට බිය වන්නේ දැ? යි අල්ලාහ් හඳුන්වා දෙනු පිණිස ය. එබැවින් ඉන් පසුව කවරෙකු සීමාව ඉක්මවා කටයුතු කළේ ද එවිට ඔහුට වේදනීය දඬුවමක් ඇත.} (සූරා අල්-මාඉදා : 94).
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَيَبۡلُوَنَّكُمُ ٱللَّهُ بِشَيۡءٖ مِّنَ ٱلصَّيۡدِ تَنَالُهُۥٓ أَيۡدِيكُمۡ وَرِمَاحُكُمۡ لِيَعۡلَمَ ٱللَّهُ مَن يَخَافُهُۥ بِٱلۡغَيۡبِۚ فَمَنِ ٱعۡتَدَىٰ بَعۡدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٞ
{අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී දඬයම් (කර) සතුන් මරා නොදමනු. නුඹලා අතුරින් කවරෙකු උවමනාවෙන්ම එය මරා දැමුවේ ද එවිට ප්‍රතිකර්මය වශයෙන් මරා දැමූ දෑ මෙන් (ඔටු ගව හා එළු වැනි) ගොවිපළ සතුන්ගෙන් සමාන දෙයකි. ඒ පිළිබඳ ව නුඹලා අතුරින් යුක්ති ගරුක දෙදෙනෙකු තීන්දු දෙනු ඇත. එය කඃබාවට ළඟා විය යුතු කැපයක් ලෙසිනි. එසේ නොමැති නම් ප්‍රතිකර්ම වශයෙන් දුගියන්ට ආහාර සැපයිය යුතු ය. එසේත් නොමැති නම් තමන් කළ කරුණෙහි බරපතළකම විඳිනු පිණිස ඒ වෙනුවට උපවාසයේ නිරත විය යුතුය. පෙර සිදු වූ දෑට අල්ලාහ් සමාව දුන්නේය. නමුත් කවරෙකු යළි සිදු කළේද එවිට අල්ලාහ් ඔහු(කළ වරද)ට ප්‍රතිචාර දක්වනු ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරීය. (කළ වරදට) ප්‍රතිචාර දක්වන්නාය.} (සූරා අල්-මාඉදා : 95).
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقۡتُلُواْ ٱلصَّيۡدَ وَأَنتُمۡ حُرُمٞۚ وَمَن قَتَلَهُۥ مِنكُم مُّتَعَمِّدٗا فَجَزَآءٞ مِّثۡلُ مَا قَتَلَ مِنَ ٱلنَّعَمِ يَحۡكُمُ بِهِۦ ذَوَا عَدۡلٖ مِّنكُمۡ هَدۡيَۢا بَٰلِغَ ٱلۡكَعۡبَةِ أَوۡ كَفَّٰرَةٞ طَعَامُ مَسَٰكِينَ أَوۡ عَدۡلُ ذَٰلِكَ صِيَامٗا لِّيَذُوقَ وَبَالَ أَمۡرِهِۦۗ عَفَا ٱللَّهُ عَمَّا سَلَفَۚ وَمَنۡ عَادَ فَيَنتَقِمُ ٱللَّهُ مِنۡهُۚ وَٱللَّهُ عَزِيزٞ ذُو ٱنتِقَامٍ
{නුඹලා හා නුඹලාගේ වාහනික සතුන් භුක්ති විදිනු පිණිස මුහුදු සතුන් දඬයම් කිරීම හා එය ආහාරයට ගැනීම නුඹලාට අනුමත කරන ලදි. එහෙත් ඉහ්රාම් තත්ත්වයේ සිටින තාක්කල් ගොඩබිම සතුන් දඬයම් කිරීම නුඹලාට තහනම් කරන ලදි. තවද නුඹලා කවරෙකු වෙත එක් රැස් කරනු ලබන්නෙහු ද එවන් අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු.} (සූරා අල්-මාඉදා : 96).
أُحِلَّ لَكُمۡ صَيۡدُ ٱلۡبَحۡرِ وَطَعَامُهُۥ مَتَٰعٗا لَّكُمۡ وَلِلسَّيَّارَةِۖ وَحُرِّمَ عَلَيۡكُمۡ صَيۡدُ ٱلۡبَرِّ مَا دُمۡتُمۡ حُرُمٗاۗ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ إِلَيۡهِ تُحۡشَرُونَ
{පාරිශුද්ධ නිවස වන කඃබාව ජනයාට නියාමන ස්ථානයක් බවට නියම කළේ ය. තවද සැබැවින් ම අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹලා දැන ගනු පිණිස පරිශුද්ධවූ මාසය ද සත්ව කැපය ද (කුර්බාන් සඳහා) සලකුණු තබන ලැබූ දෑ ද නියම කළේ ය. තවද සැබැවින් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය.} (සූරා අල්-මාඉදා : 97).
۞ جَعَلَ ٱللَّهُ ٱلۡكَعۡبَةَ ٱلۡبَيۡتَ ٱلۡحَرَامَ قِيَٰمٗا لِّلنَّاسِ وَٱلشَّهۡرَ ٱلۡحَرَامَ وَٱلۡهَدۡيَ وَٱلۡقَلَٰٓئِدَۚ ذَٰلِكَ لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَأَنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ
{හජ් වන්දනාකරුවන්ට ජලය සපයා මස්ජිදුල් හරාමය පරිපාලනය කරන්නන්ව අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට අල්ලාහ්ගේ මාර්ගයේ කැපවූවන් මෙන් නුඹලා පත් කළෙහු ද? අල්ලාහ් අබියස ඔවුන් එක සමාන නො වෙති. තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මඟ පෙන්වන්නේ නැත.} (සූරා අත්-තව්බහ් : 19).
۞ أَجَعَلۡتُمۡ سِقَايَةَ ٱلۡحَآجِّ وَعِمَارَةَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ كَمَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَجَٰهَدَ فِي سَبِيلِ ٱللَّهِۚ لَا يَسۡتَوُۥنَ عِندَ ٱللَّهِۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ
{තවද හජ් ගැන ජනයා අතර නුඹ නිවේදනය කරනු. ඔවුහු පා ගමනින් ද ගිරිදුර්ග ස්ථානයන්හි සිට පැමිණෙන වැහැරී ගිය සෑම ඔටුවකු මත හිද ද නුඹ වෙත පැමිණෙයි.} (සූරා අල්-හජ් : 27).
وَأَذِّن فِي ٱلنَّاسِ بِٱلۡحَجِّ يَأۡتُوكَ رِجَالٗا وَعَلَىٰ كُلِّ ضَامِرٖ يَأۡتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٖ
{ඔවුන් සතු ප්‍රයෝජන ඔවුන් දකිනු පිණිසත් නියමිත දින ගණන්වල ගොවිපළ සතුන් අතරින් ඔහු ඔවුනට පෝෂණය කළ දෑ කෙරෙහි (ඒවා කපන විට) අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිසත් ය. එහෙයින් නුඹලා එයින් අනුභව කරනු. තවද දුෂ්කරතා ඇති දිළින්දාට ආහාර සපයනු.} (සූරා අල්-හජ් : 28).
لِّيَشۡهَدُواْ مَنَٰفِعَ لَهُمۡ وَيَذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ فِيٓ أَيَّامٖ مَّعۡلُومَٰتٍ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلۡأَنۡعَٰمِۖ فَكُلُواْ مِنۡهَا وَأَطۡعِمُواْ ٱلۡبَآئِسَ ٱلۡفَقِيرَ
{පසුව ඔවුහු ඔවුන්ගේ කිලිටි ඉවත් කරත්වා! තවද ඔවුන්ගේ භාරයන් ඉටු කරත්වා! තවද ඉපැරණි ගෘහය (වන කඃබාව) වටා ඔවුන් සක්මන් කරත්වා!} (සූරා අල්-හජ් : 29).
ثُمَّ لۡيَقۡضُواْ تَفَثَهُمۡ وَلۡيُوفُواْ نُذُورَهُمۡ وَلۡيَطَّوَّفُواْ بِٱلۡبَيۡتِ ٱلۡعَتِيقِ
{නුඹලාට එහි නියමිත කාලයක් දක්වා (ඒවායෙහි) ප්‍රයෝජන ඇත. පසුව එය ඉපැරණි ගෘහය වෙත ස්ථාන ගත කරනු ලබන්නක් වේ.} (සූරා අල්-හජ් : 33).
لَكُمۡ فِيهَا مَنَٰفِعُ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى ثُمَّ مَحِلُّهَآ إِلَى ٱلۡبَيۡتِ ٱلۡعَتِيقِ
{තවද ඔටුවන් ද අපි එය නුඹලාට අල්ලාහ්ගේ සංඥා අතරින් පත් කළෙමු. නුඹලාට එහි යහපතක් ඇත. එහෙයින් නුඹලා උන් පෙළගස්වා උන් මත අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු. උන්ගේ ඇලපත් වැටෙන්නට නියම වූ විට නුඹලා ඉන් අනුභව කරනු. තවද ඉල්ලා සිටින්නාට හා ඉල්ලා නො සිටින්නාට ආහාර සපයනු. එලෙස නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස අපි නුඹලාට උන් වසඟ කර දුන්නෙමු.} (සූරා අල්-හජ් : 36).
وَٱلۡبُدۡنَ جَعَلۡنَٰهَا لَكُم مِّن شَعَٰٓئِرِ ٱللَّهِ لَكُمۡ فِيهَا خَيۡرٞۖ فَٱذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ عَلَيۡهَا صَوَآفَّۖ فَإِذَا وَجَبَتۡ جُنُوبُهَا فَكُلُواْ مِنۡهَا وَأَطۡعِمُواْ ٱلۡقَانِعَ وَٱلۡمُعۡتَرَّۚ كَذَٰلِكَ سَخَّرۡنَٰهَا لَكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ
{උන්ගේ මාංශ හෝ උන්ගේ රුධිරය හෝ අල්ලාහ් වෙත නො ලැබෙන්නේ ම ය. එනමුත් ඔහු වෙත ලැබෙනුයේ නුඹලා වෙතින් වූ බිය බැතිමත්භාවයයි. නුඹලාට ඔහු මග පෙන්වූ දෑ වෙනුවෙන් නුඹලා අල්ලාහ්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරනු පිණිස එලෙස අපි උන් වසඟ කර දුන්නෙමු. තවද දැහැමියන්හට (නබිවරය!) නුඹ ශුභාරංචි දන්වා සිටිනු.} (සූරා අල්-හජ් : 37).
لَن يَنَالَ ٱللَّهَ لُحُومُهَا وَلَا دِمَآؤُهَا وَلَٰكِن يَنَالُهُ ٱلتَّقۡوَىٰ مِنكُمۡۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمۡ لِتُكَبِّرُواْ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمۡۗ وَبَشِّرِ ٱلۡمُحۡسِنِينَ