- රමළාන් මාසයේ සකාතුල් ෆිත්ර්, කුඩා හා වැඩිහිටි, නිදහස් හා වහල් අය වෙනුවෙන් ඉටු කිරීම අනිවාර්යය වේ. මෙහිදී අමතනු ලබනුයේ භාරකරු හා ගෘහ මූලිකයාටය. එම තැනැත්තා ඔහු වෙනුවෙන් ද ඔහුගේ දරුවන් වෙනුවෙන් ද ඔහුගෙන් යැපෙන අය වෙනුවෙන් ද එය නිකුත් කළ යුතු වේ.
- කුසේ සිටින දරු කළලය වෙනුවෙන් සකාතුල් ෆිත්ර් ඉටු කිරීම අනිවාර්යය වන්නේ නැත. නමුත් එය සතුටුදායක ක්‍රියාවකි.
- සකාතුල් ෆිත්ර් හි නිකුත් කළ යුතු දෑ පැහැදිලි කිරීම. සැබැවින්ම එය විය යුත්තේ ජනතාව සුපුරුදු පරිදි පරිභෝජනය කරන ප්‍රධාන ආහාරයෙනි.
- උත්සව සලාතයට පෙර එය නිකුත් කිරීම අනිවාර්යය වේ. වඩාත් උතුම් වනුයේ උත්සව දින සුබ්හු සලාතයේ එය නිකුත් කරනු ලැබීමය. උත්සවයට පෙර දිනකට හෝ දින දෙකකට පෙර එය නිකුත් කිරීමටද අවසරය ඇත.