- මෙම හදීසයේ භාණ්ඩ වර්ග පහක් සඳහන් කෙරී ඇත. එනම්: රන්, රිදී, බාර්ලි, ඉරිඟු හා රට ඉඳි ය. එකම වර්ගයක ගනුදෙනුවක් සිදු වන විටෙක, එය වලංගු වීම සඳහා කොන්දේසි දෙකක් අවශ්‍ය වේ. ගිවිස ගත් ස්ථානයේම අත්පිට ලෙස ගනුදෙනුව සිදුවීම. රනට රන් ආකාරයෙන් එම ප්‍රමාණය එකිනෙකට සමාන වීම. එසේ නොවූ විටෙක එය අමතර පොළියක් බවට පත් වන්නේය. නමුත් බාර්ලි වෙනුවට රීදී වැනි වෙනස් වූ වර්ගයක ගනුදෙනුව වුයේ නම් එවිට එම ගිවිසුම වලංගු වීම සඳහා එක් කොන්දේසියක් විය යුතු ය. එනම් ගිවිස ගත් ස්ථානයේ මිල අත්පත් කර ගැනීමය. එසේ නොවන්නේ නම් එයද පොළිය බවට පත්වේ.
- ගිවිසුම ඉටු කරන ස්ථානය යනුවෙන් අදහස් කරනුයේ, ගනුදෙනුව කරන ස්ථානයයි. එය ඔවුන් දෙදෙනා වාඩි වී සිටිය ද, ගමන් කරමින් සිටිය ද, වාහනය මත නැග සිටිය ද එක සමානය. වෙන්ව යෑම යනුවෙන් අදහස් කරනුයේ, පොදුවේ මිනිසුන් අතර වෙන්ව සමුගෙන යෑම ය.
- නිම්කළ රන් හා නිම් නොකරන ලද සෙසු සියලුම රන් වර්ග ද නිම්කළ හා නිම් නොකරන ලද සියලුම රිදී වර්ග ද මෙම හදීසයේ සඳහන් තහනම තුළට ඇතුළත් වේ.
- වර්තමානයේ භාවිත කරන ලද මුදල් ද, රනට රිදී හුවමාරු කිරීමේ දී පිළිපදිනු ලබන නීතිය වලංගු කර ගත යුතුය. එනම් දිර්හම් වෙනුවට රියාල් වැනි මුදල් හෝ වෙනත් මුදල් වර්ගයක් හුවමාරු කිරීමට අදහස් කළේ නම්, දෙපාර්ශවයේ කැමැත්ත අනුව ගනුදෙනුව සිදුවීම වරදක් නැත. නමුත් ගනු දෙනු කරන ස්ථානයේම එය හුවමාරු කළ යුතු වේ. එසේ නොවුවහොත් ගනුදෙනුව අවලංගු වන අතර එම ගනුදෙනුව තහනම් කරන ලද පොලී ගනුදෙනුවක් බවට පත් වනු ඇත.
- පොලී ගනු දෙනු වලංගු වන්නේ නැත. දෙපාර්ශවය විසින් පිළිගත්ත ද එහි ගිවිසුම් නිෂ්ඵල වේ. සැබැවින්ම මිනිසා ඉස්ලාමය අත්හැර දැමුවත්, ඉස්ලාම් මානව හිමිකම් හා සමාජ අයිතීන් ආරක්ෂා කරයි.
- පිළිකුල් සහගත දැයින් වැළකී සිටීම, එය වැළැක්වීමට හැකි අය වැළැක්වීම.
- උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා ක්‍රියා කළ පරිදි, පිළිකුල් සහගත දෙයක් හෙළා දකින අවස්ථාවක ඒ සඳහා වූ ඉස්ලාමීය මූලාශ්‍රවල සඳහන් සාධකයක් ගෙන හැර පෙන්වීම.