- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට ආදරය කිරීම අනිවාර්යය වේ. ආදරය කිරීමේ දී සියලු මැවීම්වලට වඩා එතුමාණන්ට ප්‍රමුඛත්වය ලබා දිය යුතු වේ.
- පූර්ණ ආදරය පෙන්වා දෙන සළකුණක් වනුයේ අල්ලාහ්ගේ දූතයාණන්ගේ පිළිවෙතට උපකාර කිරීම ඒ සඳහා තම ජීවිතය හා ධනය වැය කිරීම වේ.
- අල්ලාහ්ගේ දූතයාණන්ට ආදරය කිරීම යනු, එතුමාණන් නියෝග කළ දෑහි එතුමාණන්ට අවනත වීමටත් එතුමාණන් දන්වා සිටි දෑහි එතුමාණන්ව සහතික කිරීමටත් එතුමාණන් වැළැක්වූ දැයින් වැළකී සිටීමටත් එතුමාණන්ව අනුගමනය කිරීමටත් අලුතින් බිහි වන පිළිවෙත් අත්හැර දැමීමටත් අනිවාර්යය කරයි.
- සියලුම මිනිසුන්ට වඩා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත වූ යුතුකම් ඉටු කිරීම වඩාත් වැදගත් මෙන්ම බලවත් වන්නේය. හේතුව, සැබැවින්ම මුළාවෙන් යහමග වෙත අප මඟ ලබන්නටත්, අපා ගින්නෙන් අප ආරක්ෂා වන්නටත්, ස්වර්ගය ලබා ජය ගන්නටත් එතුමාණන් හේතුවක් වූ බැවිනි.