- සකාත් නිකුත් කිරීම අනිවාර්යය. ඉන් වැළකී සිටියහොත් ඒ සඳහා වන දැඩි අවවාදය.
- සකාත් නිකුත් නොකර සිටීම අලසකම නිසාවෙන් නම් ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු නොවේ. එනමුත් ඔහු සිටිනුයේ බරපතල අනතුරක ය.
- පුද්ගලයෙකු අවනත වීමේ ක්‍රියාකාරකම් හි සිදුවන සංකීර්ණ කරුණු සඳහා ඔහුට ප්‍රතිඵල දෙනු ලැබේ. ඔහු ඒවායෙහි මූලාරම්භයේ ඒවා ගැන අදිටන් කළේ නම්, එම සිදුවන කරුණු ගැන අදිටන් නොකළ ද ඔහුට ප්‍රතිඵල දෙනු ලැබේ.
- සකාත් නිකුත් කළ යුතු ප්‍රමාණය හැර සෙසු ධනයේ අයිතිය පවතියි.
- ඔටුවා සම්බන්ධයෙන් පවතින වගකීමක් වනුයේ කිරි දොවන විට, ඌ ජලය බොන ස්ථානයට දුප්පතුන් පැමිණ තිබේ නම්, ඔවුනට ද කිරි දොවා ඉන් කොටසක් පිරිනැමීමය. මෙය නිවෙස් කරා යෑමට වඩා අසරණ අයට පහසුව සැලසීම හා පශු සම්පත් කෙරෙහි කරුණාව දැක්වීම පිණිසය. ඉබ්නු බත්තාල් තුමා මෙසේ පවසයි: වස්තුවේ වගකීම් දෙකක් ඇත. ෆර්ළු අයින් හි වගකීම් හා වෙනත් වගකීම්ය. කිරි දොවා නිකුත් කිරීම වගකීමක් බවට පත් වනුයේ සදාචාරාත්මක ගුණාංග අතරින් ය.
- ඔටුවන් ගවයින් හා එළුවන් සම්බන්ධයෙන් වන තවත් අනිවාර්යය වගකීමක් වනුයේ උන්ගේ ලිංගික අවශ්‍යතා දකින විට උන්ගේ පිරිමි සත්වයා ඌ වෙත මුදා හැරීමය.
- බූරුවාගේ නීතිය හා සඳහන් කරනු නො ලැබූ සෙසු සත්වයන්ගේ නීතිය උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය තුළට පිවිසෙයි. එනම්: "එනම් කවරෙකු පරමාණුවක බර තරම් යහපතක් කරන්නේ ද එය ඔහු දැක ගනී. කවරෙකු පරමාණුවක බර තරම් නපුරක් සිදු කරන්නේ ද එය ද ඔහු දැක ගනී."
- මෙම පාඨයේ සුළුවෙන් වුව ද යහකම් කිරීම සඳහා දිරි ගැන්වා ඇති අතර සුළුවෙන් වුව ද අයහපත කිරීම සම්බන්ධයෙන් අවවාද කර ඇත.