- අදාන් ප්‍රකාශය හා ඉකාමත් ප්‍රකාශය අතර සලාතය ඉටු කිරීම සතුටුදායක ක්‍රියාවක් බව සළකන්න.
- ප්‍රකාශය නැවත නැවතත් පවසා සිටීම නබි (සල්ලල්ලාහු අලියිහි වසල්ලම්) තුමාණන්ගේ මඟ පෙන්වීමකි. එය ඇහෙන්නට සැළැස්වීමක් හා පවසන දෑහි වැදගත් කම සහතික කිරීමක් වන්නේය.
- අදාන් දෙකක් යන්නෙහි අදහස: අදාන් හා ඉකාමත් වෙයි. මෙහි අදාන් දෙකක් යැයි පොදුවේ භාවිත කර ඇත්තේ (හිරු හා සදුට) සඳු දෙකක් යැයි ද (අබූ බක්ර් හා උමර් ට) උමර් දෙදෙනෙක් යැයි ද අතිශයොක්තියෙන් පවසා සිටින්නාක් මෙන් සැලකේ.
- අදාන් යනු සලාතයේ වේලාව පැමිණි ඇති බව දැනුම් දීමය. ඉකාමා යනු සලාතයේ ක්‍රියාවට සහභාගී වන මෙන් දැනුම් දීම වේ.