- ජුමුආ දින ස්නානය කිරීම සඳහා උනන්දු කිරීම. එය සලාතය වෙත යෑමට පෙර විය යුත්තකි.
- ජුමුආ සලාතය වෙත කල්වේලා ඇතිව දහවල් ආරම්භ වේලාවේදීම වේලාසනින් පියනැගීමේ මහිමය.
- දැහැමි ක්‍රියාවන් සඳහා තරඟ වැඳීමට උනන්දු කර වීම.
- ජුමුආ සලාතයට මලක්වරුන් සහභාගී වී දේශනාවට සවන් දෙති.
- මලක්වරු මස්ජිදයන්හි දොරකඩවල්වලට වී ජුමුආ සලාතය සඳහා සහභාගී වන්නන්ගෙන් පළමුවැන්නා, පසුව පළමුවැන්නා යනාකාරයෙන් සටහන් කර ගනු ඇත.
- ඉබ්නු රජබ් තුමා මෙසේ පවසයි: “කවරෙකු ජුමුආ දිනයේ ස්නානය කර පසුව උදෑසනම පැමිණෙන්නේ ද“ යන පාඨය හඟවන්නේ ජුමුආ සඳහා වූ ස්නානයේ
- ආරම්භ වේලාව අලුයම උදාවීම සහ එහි අවසාන වේලාව ජුමුආ වෙත පිය නැගීම සමග අවසන් වන බවය.