/ රාත්‍රියේ නින්දට වැටී උදේ වරුව දක්වා නිදා සිටින මිනිසෙකු ගැන නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ඉදිරියේ මෙනෙහි කරන ලදී. එයට එතුමාණෝ: “ඔහු, ඔහුගේ දෙකන්හි ෂෙයිතාන් මූත්‍රා කළ තැනැත්තෙකි" යැයි පැවසූහ. එසේ නැතිනම් 'ඔහුගේ කන තුළ' යැයි සඳහන...

රාත්‍රියේ නින්දට වැටී උදේ වරුව දක්වා නිදා සිටින මිනිසෙකු ගැන නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ඉදිරියේ මෙනෙහි කරන ලදී. එයට එතුමාණෝ: “ඔහු, ඔහුගේ දෙකන්හි ෂෙයිතාන් මූත්‍රා කළ තැනැත්තෙකි" යැයි පැවසූහ. එසේ නැතිනම් 'ඔහුගේ කන තුළ' යැයි සඳහන...

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: රාත්‍රියේ නින්දට වැටී උදේ වරුව දක්වා නිදා සිටින මිනිසෙකු ගැන නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ඉදිරියේ මෙනෙහි කරන ලදී. එයට එතුමාණෝ: “ඔහු, ඔහුගේ දෙකන්හි ෂෙයිතාන් මූත්‍රා කළ තැනැත්තෙකි" යැයි පැවසූහ. එසේ නැතිනම් 'ඔහුගේ කන තුළ' යැයි සඳහන් වී ඇත.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත

විවරණය

උදෑසන හිරු උදාවන තෙක්ම අනිවාර්යය සලාතය ඉටු නොකර නිදාගත් අයකු සම්බන්ධයෙන් නබි (සල්ලලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ මෙනෙහි කරන ලදී. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: "සැබැවින්ම ඔහු වනාහි, ඔහුගේ කන තුළට ෂෙයිතාන් මුත්‍රා කළ අයෙකි" යැයි පවසා සිටියහ.

Hadeeth benefits

  1. රාත්‍රියේ නැගිට සලාත් ඉටු නොකර, එය අත්හැර දැමීම පිළිකුල් සහගතය. සැබැවින්ම එය ෂෙයිතාන්ගේ උසි ගැන්වීමකි.
  2. ෂෙයිතාන් පිළිබඳ ප්‍රවේසම් වීම. ඔහු මිනිසා අතර හා සර්වබලධාරී අල්ලාහ්ට අවනත වීම අතර අවහිර කරනු පිණිස ඔහු සෑම මාර්ගයකම රැකගෙන සිටියි.
  3. ඉබ්නු හජර් තුමා මෙසේ පවසා සිටියි: (සලාතය වෙත රාත්‍රියේ නැගී සිටියේ නැත) මින් අදහස් කරන්නේ පොදුවේ සෑම සලාතයක් ම වේ. සමහර විට විශේෂ සලාතයක් හෝ විය හැක. ඒ අනුව එය රාත්‍රී සලාතය හෝ අනිවාර්යය සලාතය එමඟින් අදහස් කෙරේ.
  4. අත්-තීබී තුමා මෙසේ පවසයි: ඇස තද නින්ද අඟවන වඩාත් සමීප අවයවයක් වුව ද මෙහි විශේෂයෙන් කන සඳහන් කර ඇත. සැබැවින්ම කන් වනාහි, අවධානය යොමු කරන ස්ථානවේ. විශේෂයෙන් මෙහි මූත්‍රා සඳහන් කර ඇත්තේ එය වඩාත් පහසුවෙන්ම කුහරවලට පිවිසෙන බැවින් හා වඩාත් වේගයෙන් නහර තුළට විනිවිද යන බැවිනි. එවිට සියලුම අවයව තුළ මැලිකම ඇති වේ.