- සලාතය ඉටු කරන්නාට ඔහුගේ සලාතයේ සැකයක් ඇති වී, කරුණු දෙකින් එකක් නිවැරදි බව තෝරා ගත නොහැකි වූ විටෙක සැකය හෙළා දැක ස්ථීර දෑ අනුව ක්‍රියා කළ යුතුය. එය අවම විය යුතු ය. පසුව ඔහු සලාතය පූර්ණව ඉටු කර සලාම් පැවසීමට පෙර අමතක වීම සඳහා ඉටු කරනු ලබන සුජූද් ඉටු කර පසුව සලාම් පැවසිය යුතු ය.
- මෙම සජදා දෙක සලාතයේ අඩුපාඩු පිරවීම සඳහා වන මාර්ගයක් වන අතරම ෂෙයිතාන්ගේ අරමුණින් දුරස් වීමක් හා ඔහුට අපහාසයක් මෙන්ම අවමානයකි.
- සිදුවන සැකය යනු නිවැරදි දෑ තෝරා ගත නො හැකිව කලබල වීමය. අනුමානයක් දැක එය වඩාත් නිවැරදි යැයි සිතුවේ නම් ඒ අනුව කටයුතු කළ යුතු වේ.
- සිතේ ඇතිවන කුකුස් සමග සටන් කිරීම සඳහාත් ආගමික නියෝග පිළිපැදීමෙන් එය වළක්වා ගැනීම සඳහාත් උනන්දු කරවීම.