- රාත්‍රියේ අවසන් භාගයේ අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා මුස්ලිම්වරයා දිරි ගැන්වීම.
- අල්ලාහ්ව මෙනෙහි කිරීමට ප්‍රාර්ථනා කිරීමට හා සලාත් ඉටු කිරීමට මහිමයෙන් එකිනෙකට වෙනස් වුණු කාල වේලාවන් ඇත.
- මිරක් තුමා මෙසේ පවසයි: "පරමාධිපතියාණන්, සිය ගැත්තාට බෙහෙවින් සමීප වනුයේ" යන ප්‍රකාශය හා "ගැත්තා, තම පරමාධිපතිට බෙහෙවින් සමීප වනුයේ සුජූද් කරමින් සිටිය දීය" යන ප්‍රකාශය අතර වෙනස නම්, පළමුවැන්නෙහි අදහස පරමාධිපතියාණන් ගැත්තාට වඩාත් සමීපයෙන් සිටින වේලාව පැහැදිලි කිරීමය. එය මධ්‍යම රාත්‍රිය වේ. දෙවැන්නෙහි අදහස ගැත්තා තම පරමාධිපතිට බෙහෙවින් සමීපයෙන් සිටින තත්ත්වය පැහැදිලි කිරීමය. එනම් එය සුජූද් කරන අවස්ථාවයි.