- මෙය සලාතය සඳහා වන මූලිකාංග වේ. හදීසයේ සඳහන් පරිදි සලාතය ඉටු කරන්නා නැවත එය ඉටු කළ යුතුයි යන නියෝගය සාධකයක් ලෙස ගනිමින්, කවර හෝ අයෙකු අමතක වීමකින් හෝ නොදැනුවත් කමින් හෝ ඒ මූලිකාංග සිදු නොකර සිටි අවස්ථාවක එම සලාතය වලංගු වන්නේ නැත. මන්ද නබිතුමාණන් සලාතය ඔහුට ඉගැන්වීම පමණක් සිදු කළේ නැත. ඔහුට නැවත වරක් එය කරන මෙන් ද නියෝග කර සිටියහ.
- (අදාළ ඉරියව්වෙහි) තැන්පත් වීම සලාතයේ මූලිකාංග අතරින් එක් මූලිකාංගයකි.
- නවවි තුමා මෙසේ පවසයි. "කවරෙකු සලාතයේ ඇතැම් වගකීම් පැහැර හරින්නේ ද ඔහුගේ සලාතය වලංගු වන්නේ නැති බව මෙහි ඇතුළත්ව ඇත."
- නවවි තුමා තවදුරටත් මෙසේ පවසයි. දැනුම හදාරන උදවිය හා නොදැනුවත් උදවිය සමග කරුණාවෙන් හා ආදරයෙන් කටයුතු කිරීම, ඔහු සතු ගැටළුව පැහැදිලි කර දීම, අරමුණු කෙටියෙන් පවසා සිටීම, කෙනෙකුට ධාරණය කිරීමට හා ක්‍රියා කිරීමට නොහැකි වන සේ සර්ව සම්පූර්ණ කරුණු නොපවසා වැදගත්ම ඔහුගේ වගකීම් ඉටු කිරීමට අවශ්‍ය කරුණු මත පමණක් සීමා වී පැහැදිලි කිරීම.
- නවවි තුමා මෙසේ පැවසීය. "විද්වතෙකුගෙන් යමක් ගැන විමසා, එය විමසා සිටි තැනැත්තාට අවශ්‍ය තවත් දෙයක් එහි වී නම්, ඔහු ඒ ගැන තමන්ගෙන් විමසා නොසිටිය ද ඒ ගැන ඔහුට සඳහන් කිරීම උචිතය. එය උපදෙසක් වනු ඇත. එය ඔහුට අදාළ නොවන දෙයක් ගැන කතා කිරීමක් නොවේ.
- "මට ඊට වඩා හොඳින් කළ නොහැක, එහෙයින් මට උගන්වන්න" යන ප්‍රකාශය මත පදනම්ව අඩුපාඩුකම් පිළිගැනීමේ මහිමය.
- ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි. "යහපත විධානය කිරීම, අයහපතින් වැළැක්වීම සහ ශිෂ්‍යයා ගුරුවරයාගෙන් තමන්ට උගන්වන මෙන ඉල්ලා සිටීම යන කරුණු මෙහි ඇතුළත් වේ.
- හමුවන අවස්ථාවක සලාම් කීම සතුටුදායකය. එයට පිළිතුරු දීම අනිවාර්යය වේ. නැවත නැවතත් හමු වූ විට, කාලය ඉතා සමීපව පිහිටිය ද එසේ නැවත නැවතත් සලාම් පවසා සිටීම සතුටු දායක වන අතර ඒ සෑම වාරයකම පිළිතුරු දීම අනිවාර්යය වනු ඇත.