- සලාතයේ දෙඅත් එසවීමේ යථාර්ථය නම්, සැබැවින්ම එය සලාතය සඳහා වන අලංකාරයක් මෙන් ම ශුද්ධ වූ අල්ලාහ්ව ගරුබුහුමන් කිරීමකි.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම දෙඅත් එසවූ සිව්වැනි ස්ථානයක් පිළිබඳව සඳහන් වේ. අබූ හමීද් අස්-සාඉදී තුමා අබූ දාවුද් හා වෙනත් අය එසේ වාර්තා කර ඇත. එනම්, රකආත් තුනකින් හා රකආත් හතරින් යුත් සලාතයේ දී පළමු තෂහ්හුද් කීමෙන් පසු නැගිටින අවස්ථාව ය.
- එමෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ස්පර්ශ කිරීමෙන් තොරව තම දෙකන්වලට සමාන්තරව තම දෙඅත් ඔසවා ඇති බවටත් සඳහන් වී ඇත. බුහාරි හා මුස්ලිම්හි සඳහන් වාර්තාවක මාලික් ඉබ්නු හුවෙයිරස් තුමා විසින් මෙසේ ප්‍රකාශ කර ඇත. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තක්බීර් පවසන විට තම අත් දෙක තම කන් දෙකට සමාන්තරව ඔසවා ගත්හ.
- "සමිඅල්ලාහු ලිමන් හමිදා" යැයි පැවසීම සලාතය මෙහෙයවන ඉමාම් පමණක් සතු කාර්යයකි. ඔහුව පිළිපදින මඃමූම්වරු "රබ්බනා වලකල් හම්දු" යැයි පවසනු ඇත.
- රුකූඋ ඉරියව්වෙන් පසු "රබ්බනා වලකල් හම්දු" යැයි ප්‍රකාශ කිරීම ක්‍රම හතරකින් පවතින බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් සහතික කර ඇත. මෙය ඒ අතරින් එකක් පමණි. වඩාත් උතුම් වන්නේ වාරයෙන් වාරය ඒ එක් එක් ක්‍රමයක් වෙනස් කර අනුගමනය කිරීමය.