- ධර්මිෂ්ඨ ක්‍රියාවන් මහිමයෙන් එකිනෙකට වෙනස් වන්නා සේම පාප ක්‍රියාවන් ද බරපතලකමින් එකිනෙකට වෙනස් වනු ඇත.
- බරපතලම පාපය වනුයේ: උත්තරීතර අල්ලාහ්ට ආදේශ තැබීම, පසුව ඔබත් සමග වී ආහාර ගනු ඇතැයි බියෙන් තම දරුවා ඝාතනය කිරීම, පසුව ඔබේ අසල්වැසියාගේ බිරිය සමග කාමයේ වරදවා හැසිරීමය.
- පෝෂණ සම්පත් අල්ලාහ් සතුය. මැවීම් සඳහා පෝෂණය සැලසීමේ වගකීම ශුද්ධ වූ අල්ලාහ් භාර ගත්තේය.
- අසල්වැසියාට හිමි අයිතිවාසිකම් ඉමහත් වන අතර ඔහුට හානි කිරීම අනුන් හට හානි කිරීමට වඩා බරපතල පාපයකි.
- නැමදුමට සුදුස්සා මැවුම්කරු පමණය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත.