- පාපකම් සඳහා ප්‍රතිකර්මයක් වන සලාතය නම්, ගැත්තා එහි වුළූ ධෝවනය නිසි ලෙස සිදු කර උත්තරීතර අල්ලාහ්ගේ තෘප්තිය සොයමින් බැතිමත්කමින් එය ඉටු කරන සලාතයයි.
- නැමදුම්වල අඛණ්ඩව නියැලීමේ මහිමය. සැබැවින්ම ඒවා සුළු පාපකම් සඳහා සමාවට හේතු වන්නේය.
- වුළූ ධෝවනය නිසි ලෙස සිදු කිරීම, සලාතය විධිමත් ලෙස ඉටු කිරීම හා එහි ඇති කරගන්නා ශ්‍රද්ධාවේ මහිමය.
- සුළු පාපකම් සඳහා සමාව ලබන්නට මහා පාපකම්වලින් වැළකී සිටීමේ වැදගත්කම.
- මහා පාපකම් සඳහා තව්බාව නොහොත් පශ්චාත්තාපයේ නියැළීමෙන් තොරව සමාව දෙනු නොලැබේ.