- මුඅද්දින්ගේ ප්‍රකාශයට පසුව එය අවසන් කළ වහාම මෙම ප්‍රාර්ථනාව උසුරීම ආගමානුගත කරන ලද්දකි. කවරෙකුට එම ඇරයුම සවනට නොවැකුණේ ද ඔහු මෙය පැවසිය යුතු නොවේ.
- 'වසීලා' හෙවත් උසස් නිලය, 'ෆලීලා' හෙවත් මහිමය, ප්‍රශංසනීය ස්ථානය, මැවීම් අතර තීන්දු ලබා දෙන අවස්ථාවේ බලවත් මැදිහත්වීම යනාදිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පිරිනමනු ලැබීමෙන් එතුමාණන්ගේ මහිමය විදහා පෑම.
- 'මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ මැදිහත්වීම ඔහුට නියම විය' යන එතුමාණන්ගේ ප්‍රකාශය අනුව එතුමාණන් හට මැදිහත්වීමේ අවස්ථාව ලබා දීම තහවුරු වේ.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මැදිහත් වීම නියම වනුයේ එතුමාණන්ගේ ප්‍රජාවේ ප්‍රධානීන් අපා ගින්නට පිවිසීමෙන් වැළැක්වීමට හෝ එහි පිවිසුනු අය ඉන් බැහැර කිරීමට හෝ කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ස්වර්ගයට පිවිසීමට හෝ එහි පිවිසෙන අයගේ තරාතිරම් උසස් කිරීමට ය.
- අත්-තීබී තුමා මෙසේ පවසයි: ඇරයුමේ ආරම්භයේ වන 'අල්ලාහු අක්බර්' යන වදන සිට 'මුහම්මදර් රසූලුල්ලාහ්' යන වදන දක්වා වූ කොටස -මෙම දුආ ප්‍රාර්ථනාවේ ඇති දවතුත් තාම්මා යන අරාබි පදයෙන් අදහස් වන- පරිපූර්ණ ඇරයුමයි. 'හයියඅලස් සලාහ්, හයියඅලල් ෆලාහ්' යනු ඇරයුම ඉටු කරනු ලබන සලාතය පෙන්වා දෙයි. 'වස්සලාතුල් කාඉමා' සලාතය යන්නෙන් අහදස් වනුයේ ප්‍රාර්ථනාවයි. 'කාඉමා' යන ප්‍රකාශයෙන් අදහස් වන්නේ යමක් මත අඛණ්ඩව නිරත වන විට එය ඉටු කරනු ලැබීමය. මේ අනුව "වස්සලාතුල් කාඉමා" යනු 'දවතුත් තාම්මා' පරිපූර්ණ ඇරයුම පැහැදිලි කරන්නකි. "වස්සලාතුල් කාඉමා" යන වදනින් එම අවස්ථාවේ ඇරයුම් කරනු ලබන, නියම කරනු ලබන, සලාතය යන අදහස ද ඇත.
- මුහල්ලබ් තුමා මෙසේ පවසයි: මෙම හදීසයේ සලාත් වේලාවන්හි ප්‍රාර්ථනා කිරීම සඳහා උනන්දු කර ඇත. සැබැවින්ම එය ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වීම අපේක්ෂා කළ හැකි අවස්ථාවකි.