- අදාන් කියන මුඅද්දින්ට පිළිතුරු දීම සඳහා උනන්දු කරවීම.
- මුඅද්දින්ට පිළිතුරු දීමෙන් පසු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලවාත් පැවසීමේ මහිමය.
- සලවාත් පැවසීමෙන් පසු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් 'වසීලාව' පැතීමට උනන්දු කරවීම.
- වසීලාවෙහි තේරුම පැහැදිලි කිරීම. එය උසස් කටයුත්තකි. එක් ගැත්තෙකුට හැර වෙනත් කිසිවකුට එය සුදුසු වන්නේ නැත.
- එම උසස් නිලය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට සුවිශේෂි කිරීම තුළින් එතුමාණන්ගේ මහිමය පැහැදිලි කිරීමය
- කවරෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් වසීලාව පතන්නේ ද ඔහුට ෂෆාඅත් හෙවත් එතුමාණන්ගේ මැදිහත් වීම ලැබෙනු ඇත.
- ඇත්තෙන්ම එම උසස් නිලයට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සුදුස්සාණන් වී තිබියදීත් ඒ සඳහා ප්‍රාර්ථනා කරන මෙන් තම සමූහයාගෙන් එතුමා කළ ඉල්ලීම එතුමාණන්ගේ නිහතමානීකම පැහැදිලි කරයි.
- අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ කරුණාවේ විශාලත්වය. යහපත ඒ හා සමාන දස ගුණයකින් පිහිටනු ඇත.