- සුනඛ කෙළ අතිශයින් අපිරිසිදුය.
- සුනඛයා භාජනය තුළ ලෙව කෑ විට එය අපිරිසිදු භාවයට පත් වෙයි. එහි ඇති ජලය ද අපිරිසිදු වෙයි.
- පස් භාවිතයෙන් හා එය සත්වාරයකින් පිරිසිදු කිරීම සිදුවිය යුත්තේ, බල්ලාගේ මළ මූත්‍රා හා උගෙන් බැහැර වෙන සෙසු අපවිත්‍ර දෑ සම්බන්ධයෙන් නොව, විශේෂයෙන්ම ඌ එය ලෙව කෑ විට එය පිරිසිදු කිරීමට ය.
- භාජනය පසින් සේදිය යුතු ක්‍රමය: භාජනය තුළ ජලය යොදා එයට පස් එකතු කර පසුව එම මිශ්‍රණයෙන් භාජනය සෝදා හැරිය යුතුය.
- හදීසය පෙන්නුම් කරන්නේ මෙය සියලුම බල්ලන්ට පොදු වූ කරුණක් බවයි. දඬයම, ගොවිබිම් හා සත්ව ගොවිපළ ආරක්ෂා කිරීම වැනි අරමුණු සඳහා යොදා ගැනීමට ආගම අනුමත කළ බල්ලන් සම්බන්ධයෙන් පවා මෙය අනුගමනය කළ යුතු වේ.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පස ගැන පවසා ඇති බැවින් සබන් හා ශුද්ධකාරක ද්‍රව්‍ය, පසෙහි ස්ථානයේ පිහිටන්නේ නැත.