- සුලු කිලිටි අවස්ථාවක වුළූ ගන්නා විට දී පාවහන් මත මස්හ් හෙවත් තෙත් අතින් පිරිමැදීම ආගමානුගත කරන ලද්දකි. මහා කිලිටි අවස්ථාවක ස්නානය කිරීමේ දී දෙපා සේදීම අනිවාර්යය වේ.
- හමින් සාදන ලද පාවහන් දෙක, මතුපිටින් තෙත් වූ අත ගෙන යමින් එක් වරක් පමණක් පිරිමැදීම සිදු කළ යුතුයි. එය පතුළෙහි නොවිය යුතුය.
- හමින් සාදන ලද පාවහන් දෙක මත පිරිමැදීමේ දී ඇතැම් කොන්දේසි පිළිපැදිය යුතු වේ. තම පාද දෙක ඇතුළුව පූර්ණ වුළූ ගැනීමකින් පසුව ඒ දෙක පැළඳ සිටීම. මේස් කට්ටලය පිරිසිදුව තිබීම. පාදයේ අනිවාර්යයෙන් සේදිය යුතු ස්ථානය වැසී තිබීම, ජනාබත් හෝ ස්නානය අනිවාර්යය වූ අවස්ථාවක නොව, සුළු කිලිටි අවස්ථාවේ දී පමණක් ඒ දෙක මත පිරිමැදීම. මස්හු කිරීම සඳහා දහම්ගත කර ඇති නියමිත කාලය තුළ මස්හු කිරීම, එනම් පිදිංචිකරුවකුට රාත්‍රිය හා දහවල ඇතුළුව දිනක්. මගියකුට රාත්‍රී හා දහවල් ඇතුළුව දින තුනක්.
- හමින් සාදන ලද පාවහන් දෙක මත මස්හු කිරීම යන ප්‍රකාශය තුළ දෙපා ආවරණය කරන මේස් හා වෙනත් දෑ ද ඇතුළත් වේ. ඒ මත මස්හ් කිරීමට අනුමැතිය ඇත.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යහපත් ගතිගුණ හා එතුමාණන්ගේ ඉගැන්වීම. එය පාවහන් ගලවන්නට ගිය මුගීරාව වළක්වා ඔහුගේ සිත සන්සුන් වන්නටත් අදාළ නීතිය හඳුන්වා දීමටත් තමන් ඒ දෙක පිරිසිදු තත්ත්වයේ පැළඳ ඇති බවට කරුණු පැහැදිලි කිරීම තුළින් නිරූපණය වේ.