- රාත්‍රී නින්දෙන් පසු කට පිරිසිදු කිරීම වඩාත් වැදගත් ආගමික කටයුත්තකි. ඊට හේතුව සැබැවින්ම නින්ද මුඛයේ ගන්ධයක් ඇති කරනු ඇත. මිස්වාක් (දැහැටිය හෝ බුරුසුව) එය පිරිසිදු කිරීමේ උපකරණයයි.
- ඉහත කී අදහස අනුව කටේ දුර්ගන්ධය ඇතිවන සෑම අවස්ථාවකම දත් මැද පිරිසිදු කර ගැනීම වඩාත් වැදගත් ආගමික කරුණකි.
- පිරිසිදුකම පොදුවේ ආගමානුකූල කරුණකි. ඇත්තෙන්ම එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සිරිතක් වූ අතරම උදාර ආචාර විධියකි.
- මුඛය පිරිසිදු කිරීම යන ප්‍රකාශය තුළ දත්, විදුරුමස් හා දිව මැදීම ද ඇතුළත් වේ.
- සිවාක් යනු 'අරාක්' හෝ එවැනි වෙනත් ගසකින් කපා ගන්නා ලද දැහැටියකි. එය මුඛය හා දත් පිරිසිදු කිරීමට යොදා ගනියි. එය මුඛය පිරිසිදු කරන අතරම දුර්ගන්ධය ඉවත් කරයි.