- තම ස්වභාවික අවශ්‍යතා ඉටු කර, එම ස්ථානයෙන් (වැසිකිලියෙන්) පිටත් වූ පසු ගුෆ්රානක යනුවෙන් ප්‍රකාශ කිරීම සතුටුදායකය.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සියලුම අවස්ථාවන්හි තම පරමාධිපතිගෙන් සමාව ඇයද සිටියහ.
- තම අවශ්‍යතා ඉටු කර වැසිකිලියෙන් පිට වූ පසු එසේ පාපක්ෂමාව ඉල්ලා සිටීමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් පවසා සිටිය දී, එය අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදය සඳහා තුතිවන්ත වීමේ දී දැක්වූ අඩුපාඩු හේතුවෙනි. තමන්ට වේදනා දෙමින් තිබූ දෑ පහසුවෙන්ම බැහැර වීමට සැළැස්වීම ද එම ආශිර්වාද අතරින් එකකි. වැසිකිලි අවශ්‍යතා ඉටු කරන වේලාවේ ඔබව මෙනෙහි කිරීමෙන් මා වෙනතකට යොමුව සිටි බැවින් මම ඔබෙන් සමාව අයැද සිටිමි.