- මතුලොවෙහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සතුව ඇති මැදිහත්වීමේ භාග්‍යය මෙය තහවුරු කරයි. එය දේවත්වය ඒකීයකරණය කරන්නන් හට හැර වෙනත් කිසිවකුට පිහිටන්නේ නැත.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මැදිහත් වීම යනු දේවත්වය ඒකීය කරණය කරන්නන් අතරින් අපා ගින්නට සුදුසුකම් ලැබූවන් හට ඔවුන් අපා ගින්නට ප්‍රවේශ නොවනු පිණිසත්, කවරෙකු එහි පිවිසුනේ ද ඔහු එයින් බැහැර කරනු පිණිසත් උත්තරීතර අල්ලාහ්ගෙන් එතුමා කරන කන්නලව්වයි.
- උත්ත්තරීතර අල්ලාහ් සතු අවංක ඒකීයකරණ ප්‍රකාශයේ මහිමය හා එහි පවතින විශාල බලපෑම.
- ඒකීයකරණයේ ප්‍රකාශය සාක්ෂාත් කර ගැනීම යනු එහි අර්ථය දැනගෙන ඒ අනුව ක්‍රියා කිරීමයි.
- අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාගේ මහිමය හා දැනුම ලබන්නට එතුමා තුළ තිබූ උනන්දුව.