- කේළාම් කීම හා මූත්‍රා කිරීමෙන් පසු පිරිසිදු නොවීම යන කරුණු දෙක මහා පාපයන් අතරින් වන්නේය. එමෙන්ම කබ්ර් හි වේදනාවට හේතු වන්නේය.
- කබ්ර්හි වේදනාව වැනි ඇතැම් ගුප්ත දෑ අල්ලාහ් නිරාවරණය කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දූතභාවයේ සළකුණු හෙළි කිරීමකි.
- දෙකට පැළූ අතු දෙක මිනීවළ මත තැබීමේ ක්‍රියාවලිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පමණක් සුවිශේෂී වූ කරුණකි. හේතුව මිනී වළේ පුද්ගලයින් දෙදෙනාගේ තත්ත්වය අල්ලාහ් එතුමාණන්ට පෙන්වා දුන්නේය. එතුමාණන්ට වෙනත් කිසිවකු සමාන නො කළ යුතුය. මිනීවලවල්වල තැනැත්තන්ගේ තත්ත්වයන් පිළිබඳ කිසිවකු නො දනී.